Loading...
Motorola Kiev දුරකතනය Moto G 5G නමින් නිකුත් කිරීමට Motorola සමාගම සූදානම් වේ

පසුගිය සැප්තැම්බර් මාසයේ දි Motorola සමාගම 'Kiev' නම් Code Name එක සහිත Smartphone එකක් පිළිබඳව ඉගිපල කරනු ලැබුවා. මේ වන විට මෙය Motorola Moto G 5G නමින් එළිදැක්වීමට සුදානමින් සිටිනවා.

Budget Device එකක් වෙන මේ Moto G 5G Smartphone එක Qualcomm Snapdragon 690 Chipset එක මගින් බලගැන්වෙන අතර Android 10 මෙහෙයුම් පද්ධතියෙන් සමන්විත වෙනවා. ඒ වගේම මෙය 6GB RAM එකකින් හා 128GB Internal Storage එකකින් යුක්ත වෙනවා. මේ Qualcomm Snapdragon 690 Chipset එකම තමා Oneplus Nord N10 5G Device එකෙත් අඩංගු වුයේ.

මේ Smartphone එක 60Hz Refresh Rate එක සහිත FHD OLED Display එකකින් යුතු වෙන⁣වා. තවමත් මේ Device එකේ Display Size එක වගේම Display Design එක පිළිබඳවත් නිශ්චිත තොරතුරක් නොමැති වුවත් මෙහි Display එක බොහෝ විට Notch හෝ Punch-hole Display එකක් විය හැකි බව බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Main Camera එක Triple Camera Setup එකකින් යුතු වන අතර මෙහි Primary Sensor එක 48MP Samsung GM1 Aensor එක වෙනවා. ඒ වගේම Telephoto lens එක විදිහට 8MP Samsung S5K4H7 sensor එකකුත් Depth Sensor එක විදිහට 2MP OmniVision OV02B10 Sensor එකකිනුත් මේ Triple Camera Setup එක සමන්විත වෙනවා. මෙහි Selfie Camera එක සදහා 16MP OmniVision OV16A1Q Sensor එක යොදා ගනියි බලාපොරොත්තු විය හැකියි.

ඒ වගේම මේ Motorola Moto G 5G Smartphone එකේ Storage එක Micro SD Card මගින් වැඩි කර ගත හැකි අතර NFC Feature එකත් ලබා දි තිබෙනවා.

Sources : Gizmochina