Loading...
Online classes වලට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ගැලපෙනම ජංගම දුරකතනය: Motorola Moto E7 Power

කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ මුල් පෙලේ වැජඹුනු ජංගම දුරකතන සන්නාමයක් තමයි Motorola කියන්නේ. මෑතකදී Motorola ජංගම දුරකතනයන් නැවත වතාවක් ශ්‍රී ලංකාවේදී නිලවශයෙන් එලිදැක්වීම සිදු වුනා. Motorola ජංගම දුරකතනයන් ශ්‍රී ලංකාවට නැවත රැගෙන ඒම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ සිංහගිරි ආයතනයයි.

අද අපි මේ ලිපියෙන් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ මෑතකදී ශ්‍රී ලංකාවේදී එලිදැක්වූ Motorola සමාගම විසින් නිපදවන ජංගම දුරකතන මාදිලියක් වන Motorola E7 Power ජංගම දුරකතනය පිලිබඳව විස්තරාත්මක හැඳින්වීමක්.

Display

Motorola E7 Power ජංගම දුරකතනය වෙත අඟල් 6.5ක IPS LCD තිරයක් යොදාගෙන ඇති අතර එහි resolution එක 1600x720ක අගයක් ගනී.

මීට අමතරව මෙම තිරයේ brightness එක උපරිමය සඳහා 380nits අගයක් ගන්නා අතර මෙම තිරය ජංගම දුරකතන ක්‍රීඩා කිරීම සහ එදිනෙදා කටයුතු සිදු කර ගැනීමට උපරිම පහසුවක් ලබා දෙන තිරයක් ලෙස කටයුතු කරනවා.

Camera

Moto E7 Power ජංගම දුරකතනය සතුව Dual camera system එකක් පවතින අතර එය පිලිවෙලින් 13 MP, f/2.0, 26mm, 1/3.1", 1.12µm, PDAF wide කැමාරවකින් සහ 2 MP, f/2.4, macro කැමරාවකින් යුක්ත වනවා. මේ කැමරා පද්ධතිය හරහා primary lens එක භාවිතාවෙන් 30fps දක්වා වීඩියෝ ගත කිරීම් සිදු කිරීමේ හැකියාව පවතිනවා.

Moto E7 හරහා ලබාගත් ඡායාරූපයක්

නමුත් Moto G30 දුරකතනයේ වගේ මෙම ජංගම දුරකතනයේ කැමරාව හරහා රාත්‍රී කාලයේදී හොඳ ඡායාරූප ලබා ගැනීම හැකියාව නම් නෑ.

Selfie කැමරාව දෙසට හැරුනු විට එය මෙගා පික්සල් 5කින් යුක්ත වේ. නමුත් මෙම දුරකතනයේ මිල හා සසඳන කල මෙම කැමරා මොඩියුල්ස් ඉතාමත් හොඳ තත්වයකින් performance පෙන්වනු ලබනවා.

Chipset, RAM, Performance, Storage

Moto E7 ජංගම දුරකතනය MediaTek MT6762G Helio G25 chipset එකකින් යුක්ත වන අතර එම චිප්සෙට් එක Octacore වර්ගයේ නැනෝ මීටර් 12 ආකාරයෙන් නිපදවූ චිප්සෙට් එකක් වන අතර PowerVR GE8320 මාදිලියේ GPU එකකින් යුක්තවේ.

එමෙන්ම මෙම ජංගම දුරකතනය පහත දැක්වෙන RAM සහ Storage පහතාකාරයෙන් වේ.

  1. 2GB RAM 32GB Storage
  2. 4GB RAM 64GB Storage

මීට අමතරව මෙම ජංගම දුරකතනය සඳහා External Micro SD card එකක් සවි කිරීමේ හැකියාවද පවතිනවා.

Battery & Charging

Remove කරන්න බැරි ලිතියම් පොලිමර් 5000 mAh Capacity එකක Battery එකක් තමයි මේකෙ තියෙන්නේ. ඇත්තටම සෑහීමකට පත් වෙන්න පුළුවන් මොකද මේ Range එකේ අනිත් ඒව එක්ක බැලුවම.

Charging පැත්තට ආවොත් 5000 mAh Battery එකක් Charge කරන්න දීල තියෙන්නේ 10W charger එක විතරයි. මේ ඩිවයිස් එක චාර්ජ් වෙන්න සාපේක්ෂව ටිකක් වැඩිපුර වෙලාවක් යන බවක් නම් පේනවා.

Operating System

Moto E7 Power බලගැන්වෙන්නේ Android 10 වලිනි.

Other Features

මේ දුරකථනය හා ලබාදෙන අනෙකුත් Features ගැන කතා කරොත්,

  • Sensors
    Fingerprint (rear-mounted), accelerometer, සහ proximity, කියන sensors මෙම ජංගම දුරකතනය සතු වෙනවා.
  • Security
    Side fingerprint sensor පහසුකම ලබා දී තිබෙනවා.
  • Tahiti Blue, Coral Red යන වර්ණ 2න් වෙළඳපලට නිකුත් කර තිබෙනවා.

Price

හැමදේම බැලුවටත් පස්සේ අපි ඊලඟට බලන සාධකය වන්නේ ජංගම දුරකතනයේ මිල. මේ මත තමයි බොහෝ දුරට අපි ජංගම දුරකතනය මිලදී ගන්නවාද නැද්ද යන්න තීරණය කරන්නේ. මොකද අපි ගෙවන මිලට සරිලන, සෑහීමකට පත්වෙන්න පුළුවන් පහසුකම් තියෙනවා නම් විතරයි අපි ඒ ජංගම දුරකතනය මිලදී ගන්නේ.

Moto E7 Power දුරකතන ශ්‍රී ලංකාවේදී අලෙවි කල හැකි උපරිම සිල්ලර මිල ලෙස සිංහගිරි සමාගම රුපියල් 30,990ක් ලෙස ඔවුන්ගේ වෙබ් අඩවියේ මිල ගණන් දක්වා ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේදී මේ වන විට අපට මිලදී ගැනීමට හැකියාව පවතින්නෙ 4GB 64GB RAM සහ Storage එකකින් යුතු මාදිලියේ ජංගම දුරකතන පමණි.

මෙම ජංගම දුරකතනය වඩාත්ම යෝග්‍ය වන්නේ මේ වන විට අන්තර්ජාලය ඔස්සේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හටය.

ඉහත මිල ගණන් සිංහගිරි සමාගමේ නිල වෙබ් අඩවියේ සඳහන් වී ඇති මිල ගණන් වන අතර ඒවා පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. අප විසින් අදාල මිල ගණන් පරික්ෂා කිරීමේදි දැක්වූ මිල ගණන් ඉහත දක්වා ඇත. මිල ගණන් පරික්ෂා කිරීම සඳහා මෙම සබැඳියට යොමු වන්න.