Loading...
Snapdragon 765G එක්ක එන Motorola Edge Lite 5G device එක

Motorola සමාගම සිය premium flagship smartphone line up එක Moto Edge නමින් ගිය අප්රේල් මාසයේ නිකුත් කරා. මේ line up එක announce උනේ Moto Edge සහ Moto Edge+ කියන standard එකෙන්.

ඉතින් පල වෙන වාර්තා වලට අනුව ඉදිරියේදි මේ line up එකට තවත් devices එකතු කරන්න Motorola සමාගම බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් Moto Edge Lite කියන්නෙත් එහෙම ඉදිරියට එන්න තියෙන device එකක්. ඉතින් මේ නමෙන් ම තේරෙනවනෙ device එක ගැන. මේක standard model එකේ ම trimmed-down version එකක් විදිහට හඳුන්වන්න පුලුවන්. ඉතින් මේ device එකේ විස්තර කීපයක් leak වෙලා තියෙනවා.

Motorola Edge Lite leaked features

ඉතින් මේ device එක එන්නෙ XT2075 කියන model number එකෙන් කලින් devices වගේම 5G mid range device එකක් විදිහට. බොහෝ විට මේ device එක Qualcomm Snapdragon 765G නැත්තන් Snapdragon 730G processor එකකින් equip වීමෙ ඉඩකඩ තියෙනවා.

ඉතින් chipset එක එක්ක බොහෝ දුරට 6GB RAM එකක් සහ 128GB internal storage එකක් feature වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම මේ අතරේ තවත් Motorola device එකක් (XT2017-3) spot වෙලා තියෙනවා. ඒ mobile regulatory platform එකක. ඉතින් මේක බොහෝ විට Motorola Edge Lite එකේම variant එකක් වෙන්න පුලුවන්. මේ device එක certify වෙලා තියෙන්නෙ FCC හරහා යි. Battery information හැරෙන්න වෙන කිසි දෙයක් ගැන මේකෙන් reveal වෙලා නෑ.

Motorola Edge Lite එක pack වෙන්නෙ 4700mAh battery එකකින්. කෙසේ වෙතත් මේකෙ fast charging capabilities ගැන තවම සඳහනක් නෑ. බොහෝ විට pre-installed Android 10 OS එක මේ device එකට feature වෙන්න පුලුවන්.

කෙසේ වෙතත් මෙ device එකේ කරන හැම වෙනස් කමක් ම ගැන තාම කියන්න අමාරුයි. එත් මේ device එක ඉක්මනට release වෙයි කියල හිතන්න පුලුවන්. Affordable smartphones launch කරන එක ගැන Motorola සමාගම හොඳ නමක් උසුලනවා. ඉතින් මේ device line up එකෙන් ඒ affordable segment එකේ තවදුරටත් සිය නම තහවුරු කරගන්න Motorola සමාගමට හැකි වෙනවා කියන දේ නම් අපිට විශ්වාසයි.

Source: BGR