Loading...
දවසකටත් වැඩියෙන් භාවිතා කල හැකි බලයකින් යුතු battery සහිතව Moto G Fast සහ Moto E නිකුත් වේ

කවුරුත් දන්න කවුරුත් ආදරෙ කරන Motorola සමාගම ඔන්න ආයෙමත් budget phones වලින් තමන්ගේ සුපුරුදු රිද්මයට ඇවිත් තියෙනවා. මේ සිකුරාදා, ඒ කියන්නේ අද එයාලා Moto G Fast සහ Moto E කියල අලුත්ම ඩිවයිස් දෙකක් announce කරල තියෙනවා.

මේ දෙකෙන් වැඩිම මිලක් ගන්නේ Moto G Fast එක. මිල ඩොලර් 199යි. Moto G Fast එක අඟල් 6.4ක HD+ Max Vision display එකකින් සමන්විතයි. මෙගාපික්සල් 8ක සෙල්ෆි කැමරාව පන්ච් හෝල් විදිහට තමයි එන්නේ. ඒ එක්කම මේකේ ට්‍රිපල් කැමරා සෙටප් එකක් විදිහට එනවා. මේ ට්‍රිපල් කැමරා සෙටප් එක 16-megapixel lens එකකින්, 8-megapixel 118-degree ultra-wide angle lens එකකින් සහ 2-megapixel macro lens එකකින් සමන්විතයි. Pearl White කියන කලර් එකෙන් විතරයි මේ ඩිවයිස් එක එන්නේ.

The Moto G Fast packs a triple-camera setup
The Moto G Fast packs a triple-camera setup (IMAGE: MOTOROLA)

මෙම ජංගම දුරකථනය 3GB RAM ධාරිතාවයකින් සහ 32GB internal storage එකකින් සමන්විත වන අතර Qualcomm Snapdragon 665 chipset එකකින් බල ගැන්වෙනවා. ඊට අමතරව 512GB වෙනකන් memory එක expand කිරීමේ හැකියාවත් තියෙනවා. එමෙන්ම battery එක ලෙස 4,000mAh එකක් ඇති අතර Motorola ආයතනය විසින් පවසන අන්දමට ඔබට එය දින දෙකකට සෑහෙන බැට්‍රියකි. නමුත් ඒ සියල්ලම තීරණය වන්නේ ඔබගේ භාවිතාව අනුවයි.

මේ දෙකෙන් මිල අඩු එක තමයි, Moto E එක. මිල වශයෙන් ඩොලර් 149ක් තමයි සඳහන් වෙන්නේ. Moto E එකේ මෙගාපික්සල් 5ක පන්ච් හෝල් සෙල්ෆි කැමරාවක් සමඟ අඟල් 6.2 display එකක් තමයි එන්නේ. Rear camera setup එක ගත්තොත් මෙගාපික්සල් 13ක ලෙන්ස් එකකින් සහ මෙගාපික්සල් 2ක depth sensor එකකින් සමන්විත වෙනව. මීට අමතරව අපි ෆොටෝ එකක් ගත්තම ඒකේ bokeh effect එක පස්සේ වෙලාවක වෙනස් කරන්න පුලුවන් tweak එකකුත් Motorola විසින් මේ ඩිවයිස් එකට ලබා දීලා තියෙනවා.

The Moto E in Midnight Blue
The Moto E in Midnight Blue (IMAGE: MOTOROLA)

Moto G Fast එක Pearl White වලින් විතරක් ආවා උනාට, Moto E එක Midnight Blue සහ Champagne Pink කියන වර්ණ දෙකෙන් එනවා.

මෙම ජංගම දුරකථනය 2GB RAM ධාරිතාවයකින් සහ 32GB internal storage එකකින් සමන්විත වන අතර Qualcomm Snapdragon 632 chipset එකකින් බල ගැන්වෙනවා. ඊට අමතරව 512GB වෙනකන් memory එක expand කිරීමේ හැකියාවත් තියෙනවා. එමෙන්ම battery එක ලෙස 3,550mAh එකක් ඇති අතර Motorola ආයතනය විසින් පවසන අන්දමට ඔබට එක් full charge එකකින් පැය 42ක් භාවිතා කිරීමට තරම් සෑහෙන බැට්‍රියකි. පෙර පරිදිම කියන්න තියෙන්නේ ඒ සියල්ලම තීරණය වන්නේ ඔබගේ භාවිතාව අනුවයි.

මේ වෙනකොට මේ ෆෝන්ස් දෙකම pre-order කරහා ඔබට ඇණවුම් කල හැකි අතර, ජූනි 12 වෙනිදා වෙළඳපලට නිකුත් වනු ඇත