Loading...
Xiaomi සමාගම virtual ආකාරයට RAM එක වැඩි කර ගත හැකි RAM extension පහසුකම හඳුන්වා දීමට සූදානම් වේ

මේ වෙන විට සැම Smartphone Manufacture සමාගමක් මෙන්ම ඔවුන්ගේ Smart Phone සදහා 4GB හෝ 6GB RAM එකක් ලබා දෙන්න කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් Multitasking මෙන්ම ඉහල Performance එකක් ද ලබා ගැනිමට නම් බොහෝ විට Mid-range හෝ Flagship Smart Phone එකක් භාවිත කිරිම සිදු කල යුතුම වෙනවා.

නමුත් බොහෝ දෙනා භාවිත කරන Entry Level හෝ Budget Smartphone මගින් Multitasking කටයුතු සිදු කිරිම අපහසු වෙනවා, ඒ වගේම හොද Performance එකක් Device එකෙන් ලැබෙනුයෙත් නැ. මේ සදහා මුලික වශයෙන්ම එම Smartphones වල පවතින අඩු RAM ධාරිතාව හේතු වෙනවා. කෙසේ වෙතත් Xiaomi සමාගම විසින් ඔවුන්ගේ Devices වල මේ ගැටලුව සදහා මේ වෙන විට සාර්ථක විසදුමක් ඉදිරිපත් කර තිබෙනවා.

Xiaomi සමාගමේ Tipster කෙනෙක් වෙන Kacper Skrzypek විසින් මේ සදහා Memory Extension නම් නව Feature එකක් හදුන්වා දි තිබෙනවා. මේ මගින් Smartphone එකේ Storage එකේ කොටසක් අවශ්‍ය විටක Virtual RAM එකක් ලෙස භාවිතයට ගැනිම මේ මගින් සිදු වෙනවා.

එනම් මේ මගින් Smartphone එකේ Storage එක Virtual RAM එකක් ලෙස භාවිතයට අවස්ථාව ලැබෙන අතර මේ වසර මුලදි නිකුත් කල Vivo X60 Series එක සදහා හදුන්වා දෙනු ලැබු Extended RAM Feature එකත් ද මේ ආකායෙන්ම ක්‍රියාත්මක වෙනවා. එහිදි Storage එකෙන් 3GB ප්‍රමාණයක් RAM එක සදහා වෙන් කර ඇති අතර ඒ මගින් මුලු RAM ධාරිතාවය 15GB දක්වා ඉහළ දමනු ලබනවා. මේ මගින් Smartphone එකේ උපරිම Performance එකක් වගේම හොද Multitasking Experience එකක් ගැනිමට ඉඩකඩ ලැබෙනවා. ඒ වගේම Windows තුලත් මේහා සමානම ReadyBoost නම් Feature එකක් ලබා දි තිබෙනවා.

කෙසේ වෙතත් මේ Memory Extension Feature එක MIUI වෙත හෝ Xiaomi Devices වෙත ලබා දෙන දිනයක් පිළිබඳව නිශ්චිතවම සදහනක් නොමැති වුවත් මෙය අඩු RAM සහිත Xiaomi Smartphone භාවිත කරන පරිශිලකයින්ට නම් ඉතා සුබ ආරංචියක් වෙන බව නිසකයි. ඒ වගේම මේ Feature එක අඩු RAM ධාරිතාවක් සහිත Devices වලට සිමා නොවි ඔවුන්ගේ High End Flagship Devices සදහාත් ඉදිරියේ මෙය ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Source : Android Authority, Kacper Skrzypek