ඔබට මතක ඇති මීට පෙර අප ඔබ වෙත තොරතුරු වාර්තා කරනු ලැබුවා Twitter සමාගමේ CEO තනතුරෙන් තමන් ඉවත් වීමට සුදානමින් සිටින බවට Elon Musk ප්‍රකාශ කළ බව. ඒ ඔහු විසින් පසුගිය වසර ඔක්තෝම්බර් මාසයේදී පමණ ඩොලර් බිලියන 44ක පමණ මුදලකට Twitter සමාගම මිලට ගෙන එහි CEO බවට පත් වීමත් සමඟයි.
කෙසේ වෙතත් ඉන් අනතුරුව ඔහු විසින් එහි සේවය කළ Parag Agrawal, Ned Segal, Vijaya Gadde සහ Sean Edgett වැනි විධායක ශ්‍රේණියේ පුද්ගලයින් කිහිප දෙනෙකුව නෙරපා හැරීම සිදු කළ අතර Twitter සමාගමේ සේවක කප්පාදුවක් ද සිදු කරනු ලැබුවා. මීට අමතරව Twitter වෙත මුදල් ගෙවා Verification Badge එක ලබා ගැනිමේ පහසුකම ඇතුළු නව විශේෂාංග කිහිපයක් ද හදුන්වා දෙනු ලැබුවා.
කෙසේ වෙතත් මෙලෙස ඔහු විසින් Twitter සමාගමේ CEO තනතුරෙන් තමන් ඉවත් වීමට සුදානමින් සිටින බවට ප්‍රකාශ කළ පසු අද (මැයි 12) ඔහු විසින් නැවතත් Twitter සටහන් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ ඔහු විසින් Twitter සමාගම සඳහා නව CEO වරියක බඳවාගෙන ඇති බවත්, ඇය සති 06ක පමණ කාලයකින් පසුව නිල වශයෙන්ම Twitter සමාගමේ CEO ලෙස රාජකාරි ආරම්භ කරනු ඇති බවයි.
Excited to announce that I’ve hired a new CEO for X/Twitter. She will be starting in ~6 weeks!
— Elon Musk (@elonmusk) May 11, 2023
My role will transition to being exec chair & CTO, overseeing product, software & sysops.
මේ Twitter සටහනට අනුව ඔහු විසින් Twitter සමාගමේ CEO ලෙස කාන්තාවක් බඳවාගෙන ඇති අතර ඇය කවුරැන්ද යන්න පිළිබඳව තවමත් හෙළි කර නොමැති වනවා.
කෙසේ වෙතත් මෙලෙස නව Twitter සමාගමේ CEO වරිය පත්වු විට Elon Musk විසින් Executive Chair & Chief Technology Officer (CTO) to oversee product, software and sysops තනතුරේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවත් දක්වන්න පුලුවන්.
Sources: BGR Bloomberg