Loading...
ජාති​ක ඉන්ධන කාඩ් පත (National Fuel Pass) අද එළිදැක්විමට සුදානම්

මේ වෙන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදයත් සමග ඉතා දැඩි ඉන්ධන හිගයකට අප රට මුහුණ දෙමින් සිටිනවා. මේ නිසා මේ වෙන විට ඉතා සිමා සහගතව පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරිම දකින්න පුලුවන්.

මේ නිසා ජනතාව ලක්වෙන අපහසුතාවයන් අවම කිරිමේ අරමුණෙන් යුතුව පසුගිය ජුනි මාසයේදී ශ්‍රී ලංකාව පුරාම ඉන්ධන තිබෙන ඉන්ධන පිරවුම්හල් සහ ඒවාගේ තිබෙන ඉන්ධන වර්ගයන් පිළිබඳ තොරතුරු මහජනතාවට ඉතා පහසුවෙන් ලබා ගැනිම සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA ), ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (CPSTL) සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය එක්ව ඉන්ධන තොරතුරු කළමනාකරණ පද්ධතිය දියත් කරනු ලැබුවා. කෙසේ වෙතත් මෙම පද්ධතිය නිකුත් කර සතියකට පමණ පසු ඉන්ධන තොග ලැබීම පිළිබඳව ඇති අවිනිශ්ත​තාවය නි​සා මහජනයාට තොරතුරු සැපයීමට ඇති අපහසුතාවය නිසා මෙම පද්ධතිය තාවකාලිකව ක්‍රියා විරහිත කරන බව එම පද්ධතියට අදලාව හදුන්වා දුන් වෙබ් අඩවිය මගින් දක්වා තිබුණා.

ඒ අනුව මෙලෙස මහජනතාවට ඉන්ධන ක්‍රමවත්ව ලබාදීමට හදුන්වා දුන් වැඩපිලිවල තවත් ක්‍රමානුකූල කරමින් අද දිනයේදි ජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass) හදුන්වා දීමට නියමිත තිබෙනවා.

මෙය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ විසින් ශ්‍රී ලංකා සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ආයතනයේ තාක්ෂණික සහය ඇතිව අද දහවල් 12.30ට පමණ එළිදැක්විමට නියමිත වෙනවා.

මෙම ජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass) මගින් එක් සතියකට අවශ්‍ය නිශ්චිත ඉන්ධන ප්‍රමාණයක් ලබා ගත හැකි වෙනු අතර වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම් අනුව සතියට දින දෙකක් ඉන්ධන ලබා ගත හැකි වෙනු ඇත. මෙලෙස ඉන්ධන ලබා ගත හැක්කේ එක් ජාතික හැදුනුම්පතකට එක් වාහනයක් සදහා පමණක් වෙන අතර මෙම තොරතුරු සහ වාහනයේ තොරතුරු ඇතුළත් කර QR කේතයක් ද ලබා දිමට නියමිත වෙනවා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම ජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass) එළිදැක්වු පසු ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා

Sources: Kanchana Wijesekara - Twitter