Loading...
Elon Muskගේ Neuralink ව්‍යාපෘතිය ආධාරයෙන් මනසෙන් චෙස් සහ Video games ක්‍රීඩා කරන නොලන්ඩ්

ඔයාල හැමෝම මේ වෙනකොට දන්න දෙයක් තමයි Elon musk ගෙ Neuralink Project එක. මේ ගැන නොදන්න කෙනෙක් ඉන්නව නම් මම මුලින්ම කියන්නේ මේ Neuralink Project එක ගැන මුලින් දාපු ලිපිය කියවල ආව නම් හොදයි කියල.

ස්පීකර්, හෙඩ්සෙට් කිසිවක් නොමැතිව මොළය තුළින් ගීත අහන්න, Elon Musk ගෙන් Chip එකක්
අප කවුරුත් දන්නා Elon Musk යටතේ නිපදවීමට යන Neuralink චිපයෙන් සෘජුවම මොළය වෙත ගීත stream කිරීමේ හැකියාව ලැබෙන බව අනාවරණය වී ඇත. මෙය brain-computer interface ලෙස හැඳින්වෙන අනාගත පරම්පරාවට අයත් පරිගණක මෙවලමකි. මේ දිනවල Elon Musk විසින් මෙම චිපය පිළිබඳ තොරතුරු Twitter ඔස්සේ කෙමෙන් කෙමෙන් හෙළි කරමින් පවතී. ඉදිරි මාසය තුළ මෙම චිපය ගැන නව තොරතුරු රැසක් හෙළි කිරීමට බලාපොරොත්තු වේ. පරිගණක විද්‍යාඥයකු වන Austin Howard ට පිළිතුරු දෙමින් Elon Musk තහවුරු කළේ මෙම චිප හරහා සෘජුව ගීත ශ්‍රවණය කළ හැකි බවයි.

මිනිසාගේ මොළය තවත් ඉදිරියට ගෙන ඒම සදහා සිදු කරමින් පවතින ඉතාමත් ඉහල ගණයේ Project එකක් තමයි Neuralink කියන්නේ. එහෙමත් නැත්නම් මිනිස් මොළයට පරිගණක Chip එකක් ඇතුලත් කරමින් මොළයේ හෝමෝන මෙන්ම මොළයේ ක්‍රියාකාරකම් සහ මොළයේ දත්ත පිටතට ලබා ගැනීමේ Project එකක් තමයි මේ Neuralink කියන්නේ.

ඉතින් මේ Neuralink Project එක තුලදි මාස කිහිපයකට පෙර ඔවුන් මිනිස් මොළය හා සෘජුවම මෙම චිපය සම්බන්ධ කරමින් පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවා. ඉතින් ඒ ආරම්භ වුන පරීක්ෂණවල නවතම ප්‍රථිපලයක් ඔවුන්ගේ පරීක්ෂකයන්ට මේ වනවිට ලැබී තිබෙනවා.

නොලන්ඩ් මනසින් චෙස් පරිගණක ක්‍රීඩාවේ නියැලෙන අයුරු

මෙහිදී ඔවුන් යොදාගන්න brain-computer interface (BCI) මගින් Noland Arbaugh නම් පරීක්ෂණයට භාජනය වූ වයස 29ක තරුණයාට (රිය අනතුරක් නිසා ඔහුගේ උරහිසට පහළ දකුණ අත කොටස අංශභාග තත්වයට පත් වි තිබෙනවා) ඔහුගේ සිතුවිලි මගින් පමණක් චෙස් සහ Video Games ක්‍රීඩා කිරීමේ හැකියාව ලැබී තිබෙන බවයි නවතම ආරංචි මාර්ගවලින් අපට දැනගන්න ලැබී තිබෙන්නේ. මෙහිදී Noland තම දකුණු අත වමට, දකුණට සහ උඩට, පහලට යන බව සිතා ඇති අතර එමගින් Cursor එක ඒ ලෙසටම චලනය වීමක් සිදු වී තිබෙනවා. මෙහිදී සිදු වී තිබෙන්නේ Noland ගේ සිතුවිලි රටා Digital signal ලෙස පරිවර්ථනය වීමක් මගින් පරිගණකය හා ඔහු තුල Connection එකක් හට ගැනීමයි.

“If you can all see the cursor moving, yes, that’s me,”
“I would try to move my right hand, left, right, forward, backward, and then, from there, imagine the cursor moving.”

මෙය සම්පූර්ණ ලෝකයේම විශාල පිම්මක් වනු නොඅනුමානය. මේ ඔස්සේ අංශභාගය වැළදී ඇති රෝගීන්ට පවා නුදුරේදී තම සිතුවිලි මගින් දේවල් පාලනය කිරීමේ හැකියාව ලබා ගත හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

2021 වසරෙදී වදුරෙකු භාවිතා කරමින් අත්හදා බැලීම් සිදු කල මෙය ඉතා ඉක්මණින් මිනිසෙකු හා සම්බන්ධ කර සාර්ථක වේවි යැයි කිසි විටකත් විශ්වාස කල නොහැක. නමුත් අද එය අපගේ ඇස් මනාපිටම සිදු වී තිබෙනවා.

ඉතින් නුදුරු අනාගතයේදී මිනිසා සහ පරිඝණක අතර ඇති මායිම තමත් කුඩාවන බවක් අපිට මේ සියලුම තොරතුරුවලින් පැහැදිලි කරගන්න පුළුවන්. ඉතින් ඒ අනාගතයේ පැමිණෙන්නට තිබෙන මේ වගේ තවත් විස්මයජනක තොරතුරු ඉතා ඉක්මණින් දැනගන්න රැදී සිටින්න Android වැඩකාරයෝ අපි සමගින්.

Source: www.bbc.com www.bbc.com