Loading...
ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා හමුවී තිබෙනවා.

එහිදී Elon Musk සමඟින් ඔහුගේ Starlink අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම පිළිබඳව වැඩි දුරටත් අදහස් හුවමාරු කර ගෙන තිබෙන අතර, ශ්‍රී ලංකාව මේ Starlink අන්තර්ජාල සේවාව සඳහා ඉතා ඉක්මනින්ම සම්බන්ධ කිරීම සඳහාත් කැපවී සිටින බවටත් ජනාධිපති මාධ්‍ය අංශය දක්වනු ලබනවා.

මේ අවස්ථාව සඳහා සහභාගී විමට ලැබුණ අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා විසින් ඔහුගේ X ගිණුමේ වැඩි දුරටත් දක්වා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ නව ආයෝජන අවස්ථා පිළිබඳවත් අදහස් මෙහිදි හුවමාරු වු බවයි.

කෙසේ වෙතත් මීට 2021 වසරේදී පමණ Starlink හඳුන්වා දීම පිළිබඳව මුලික ශක්‍යතා අධ්‍යනය කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණ අතර පසුගිය වසරේදී Starlink නිල වෙබ් අඩවියේ දක්වා තිබුණේ 2024, එනම් මේ වසර වන විට ශ්‍රී ලංකාවට Starlink අන්තර්ජාල සේවාව ලබා ගත හැකි වනු බවයි. කෙසේ වෙතත් තවමත් මේ පිළිබඳව නිසි නිල තොරතුරක් නොමැති වනවා.

Source: www.newswire.lk