Starlink කියන්නේ ලෝකයේ ඕනෑම තැනකට අඩු වියදම්, අධිවේගී අන්තර්ජාල සේවා ලබා දීම සඳහා ඇමරිකාවේ SpaceX සමාගම මගින් දියත් කරමින් පවතින, පහළ පෘථිවි කක්ෂ චන්ද්‍රිකා 12,000 ක පමණ සමන්විත වනු ඇති චන්ද්‍රිකා ජාලයක් බව ඔබ මේ වන විටත් දන්නා බව නිසකයි.
ඒ අනුව ඔබට මතක ඇති 2021 වසරේදී ශ්‍රී ලංකාව සඳහාත් Starlink අන්තර්ජාල සේවාව හඳුන්වා දීම පිළිබඳව මුලික ශක්‍යතා අධ්‍යනය කිරිම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වු බවට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ඔවුන්ගේ නිල Twitter ගිණුම ඔස්සේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
ඉන් අනතුරුව මේ වසරේදී එනම්, 2023 වසරේදී ශ්‍රී ලංකාව සඳහා Starlink අන්තර්ජාල සේවාව හඳුන්වා දීමට සුදානම් බවට ඔවුන්ගේ නිල වෙබ් අඩවිය හරහා දක්වා තිබු අතර ඒ පිළිබඳව අප ඔබ වෙත තොරතුරු ගෙන ඒමටත් කටයුතු කරනු ලැබුවා.
කෙසේ වෙතත් මේ වන විට Starlink නිල වෙබ් අඩවිය තුළ දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව සඳහා Starlink අන්තර්ජාල සේවාව 2024, එනම් එළඹෙන වසරේදී හඳුන්වා දීමට නියමිත බවයි.
අප අසල්වැසි රටවල් වන ඉන්දීයාව සඳහාත් Starlink අන්තර්ජාල සේවාව හඳුන්වා දීමට ඉන්දියාවේ අනුමැතිය බලාපොරොත්තුවෙන් Starlink සමාගම සිටින අතර මාලදිවයින සඳහා මේ වසර ඔක්තොම්බර් මාසයේන් පසුව හඳුන්වා දීමට නියමිත බවත් එම වෙබ් අඩවියේ වැඩි දුරටත් දක්වා තිබෙනවා.
Source: starlink.com