Loading...
WhatApp Status විනාඩියක​ට දික් වෙ​යි

ඔබ බොහෝ දෙනා දන්නා අයුරින් WhatsApp Status සඳහා Video හෝ Voice පළකල හැක්කේ තත්පර 30ක කාලයක් සඳහා පමණි. Meta සමාගම විසින් ඔවුන්ගේ Whatsapp Beta සංස්කරණයන් සමඟින් පසුගිය දිනවල Android සහ iOS පරිශිලකයින් සඳහා මෙය මිනිත්තු 1ක් ලෙසින් ලබා දීමට කටයුතු කර තිබුණා.

මෙලෙස Beta පරිශිලකයින්ට පමණක් සීමා වී තිබුණ මිනිත්තු 1ක Video Status සහ Voice Status පළ කිරීමේ හැකියාව Android සහ iOS සියලු පරිශිලකයින්ට නවතම සංස්කරණය ඔස්සේ ලබා දෙන්න Meta සමාගම විසින් තිබෙනවා.

Image - WhatsApp

මෙලෙස මිනිත්තුවක කාලයක් සඳහා Video Status පළ කිරීමේ හැකියාව මේ වන විට බොහෝ WhasApp පරිශිලකයිනට නවතම WhatsApp සංස්කරණය ඔස්සේ හිමිව තිබෙන අතර තවමත් ඔබට මිනිත්තුවක කාලයක් සඳහා Video Status සහ Voice Status පළ කිරීමේ හැකියාව නොමැති නම් නවතම WhasApp සංස්කරණය සඳහා යාවත්කාලීන කර ගැනීමෙන් මෙම පහසුකම භාවිත කළ හැකියි.

Source: wabetainfo.com