Loading...
නව per day හා monthly prepaid Package සදහා TRC වෙතින් Dialog TV වෙත අනුමැතිය

Dialog Per Day Tv පාරිභෝගිකයන්ට Dialog සමාගමෙන් අලුත් Packages 4 ලබා දිලා තියෙනවා.‌‌ මේ Packages 04ට TRC එකත් අනුමැතිය ලබා දිලා තියෙනවා.

මේ Packages 04 න් 03ක් Normal Packages විදිහටත් එකක් දමිළ ප්‍රේක්ෂකයන්ට ගැලපෙන විදිහටත් ලබා දෙන්න Dialog ආයතනය කටයුතු කරල තියෙනවා.

මේ Packages 04 ගැන පොඩි විස්තරයක් කියනව නම් ,

Pack A

‌‌දෛනික ගාස්තුව රැ.14/= වන අතර මාසික ගාස්තුව රැ.325/= වේ. මෙම Packageය සමග  නාලිකා 50 හිමි ⁣වනවා.

Pack B‌‌

දෛනික ගාස්තුව රැ.18/= වන අතර මාසික ගාස්තුව රැ.425/= වේ. මෙම Packageය සමග  නාලිකා 60 හිමි ⁣වනවා.

Pack C‌‌

දෛනික ගාස්තුව රැ.23/= වන අතර මාසික ගාස්තුව රැ.525/= වේ. මෙම Packageය සමග  නාලිකා 70 හිමි ⁣වනවා.

Pack D ( For Tamil customers )‌‌

දෛනික ගාස්තුව රැ.18/= වන අතර මාසික ගාස්තුව රැ.425/= වේ. මෙම Packageය සමග  නාලිකා 60 හිමි ⁣වනවා.

ඒ වගේම ඉදිරියේදි අවශ්‍ය නම් අපිට අපේ Per DTV Package එක මේ Packagesවලට මාරැ කර ගන්න පුලුවන් වෙයි.

ඔයා දෛනික Package එකකට කැමති නම් දිනපතා ඒ මුදල ගෙවා භාවිත කිරිමේ හැකියාව ද මාසික Package එකකට කැමති නම් මාසිකව ඒ මුදල ගෙවා භාවිත කිරිමේ හැකියාව පවතිනවා.

මෙන්න ඒ Package Planවල අපිට ලබා දෙන Channel List එක

Source: TRCSL