HMD Global සමාගම විසින් නව Feature Phone එකක් එළිදැක්වීමට සුදානමින් සිටින බව මේ වන විට ඔවුන්ගේ X සටහනක් ඔස්සේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කෙසේ වෙතත් මේ නව Feature Phone එක එළිදක්වන දිනයක් පිළිබඳව නම් තවත් ඔවුන් විසින් හෙළිකර නොමැති වනවා.
වාර්තා වන තොරතුරුවලට අනුව මේ නව feature phone එක බොහෝ විට Nokia 3310 Feature Phone එකේ Version එකක් විය හැකි බව දැක්විය හැකියි.
An icon returns this May. #Nokiaphones
— HMD (@HMDdevices) March 18, 2024
Be first to hear more: https://t.co/2P7IwyjzpA pic.twitter.com/lIRBu9YF7v
X සටහන තුළ 8-bit version ඡායාරුපයක් ලෙසින් මෙම නව Feature Phone එක දක්වා ඇති අතරම, ඔවුන් විසින් ලබා දී ඇති වෙබ් පිටුනට යොමු වු විට “Be first to hear more” ලෙසින් බොද කරන ලද Feature Phone එකක් දැක ගත හැකියි. මේ පිටුව ඔස්සේ මේ නව Feature Phone එක පිළිබඳව වැඩි දුර තොරතුරු ඉදිරියේදී ලබා ගැනිම සඳහා Sign Up විය හැකියි.
Source: HMD