කොතරම් ලොකු සමාගමක රැකවරණය තිබුනත්, කෙතරම් පෞද්ගලිකත්වය ගැන කතා කලත්, WhatsApp සඳහා දිනෙන් දින එන විවිධ අවදානම් වල නම් අඩුවක් දකින්න නැති තරම්.
මේ එලෙස පැමිණි අලුත්ම malware එකක් වන WhatsApp Pink ගැනයි. දැනට හඳුනාගෙන ඇති ලෙසට මෙම වෛරසය පැතිරෙන්නේ groups වලට එන APK link එකක් ආධාරයෙන්.
වෛරස් පතුරවන්නන් මෙය ඉදිරිපත් කරන්නේ WhatsApp සඳහා නව පෙනුමක් ලබා දෙන යෙදුමක් ලෙසයි. පරණ පුරුදු කොළ පැහැය වෙනුවට නව රෝස පැහැ theme එකක් ලබාගන්න මෙය install කරන්න කියා ඔවුන් කියනවා.
Security researcher කෙනෙක් වන Rajshekhar Rajaharia විසින් මේ පිළිබඳ පළමුවරට හෙළි කළේ, හැකර්වරු මෙය ප්‍රවර්ධනය සඳහා screenshots ද සකසා ඇති බව පෙන්වමින්.
Beware of @WhatsApp Pink!! A Virus is being spread in #WhatsApp groups with an APK download link. Don't click any link with the name of WhatsApp Pink. Complete access to your phone will be lost. Share with All..#InfoSec #Virus @IndianCERT @internetfreedom @jackerhack @sanjg2k1 pic.twitter.com/KbbtK536F2
— Rajshekhar Rajaharia (@rajaharia) April 17, 2021
ඔබට නම් බැලු බැල්මට මෙහි කිසිම 'නිල' භාවයක් පෙන්නේනේ නැති බව අප දන්නවා. නමුත් තාක්ෂණය පිළිබඳ දැනුමක් නැති අයවලුන් ඉලක්ක කළ යෙදුමක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.
රෝස පැහැයම ප්‍රවර්ධන කිරීම මගින් මෙය කුඩා ගැහැණු ළමුන් හා එවැනි කණ්ඩායම් ඉලක්ක කර ඇති බව සිතන්න හැකි නිසා විශේෂයෙන් මේ පිළිබඳ දැනුවත්වීමක් අවශ්‍ය වනවා.
මොකද Rajaharia මහතා කියන ලෙසට වෛරසයේ නිර්මාපකයින්ට මේ හරහා device එකේ සම්පුර්ණ පාලනය (කැමරා ඇතුළුව) ලබා ගන්නට හැකියාව තිබෙනවා. එම නිසා මේ පිළිබඳව හැකි තරම් දැනුවත් කරන්න.
Source: Beebom