Loading...
සඳ මතුපිට 4G LTE ජාලයක් ස්ථාපිත කිරීමට NOKIA සමාගම සුදානම් වේ

Nokia සමාගම හා NASA ආයතනය එක්ව මේ වන විට සද මත 4G LTE ජාලයක් ස්ථාපිත කිරිමට පසුගියදා එකතු වුණා. ෆින්ලන්ත telecommunication දැවැන්තයා හි අනුබද්ධ සමාගමක් වෙන Nokia ආයතනය NASA ආයතනය සමග එක්ව සද මත 'Faster & Reliable' 4G LTE ජාලයක් පිහිටුවිමට කටයුතු කරමින් සිටිනවා.

Nokia සමාගමට මේ ව්‍යාපෘතිය සදහා ඩොලර් මිලියන 14.1ක මුදලක් US Space Agency විසින් ලබා දි තිබෙනවා. මෙලෙස සද මතුපිට 4G Cellphone Network එකක් ස්ථාපිත කිරිමේ ව්‍යාපෘතිය, ඩොලර් මිලියන 370ක කොන්ත්‍රාත්තුවක කොටසක් වෙනවා. මේ ව්‍යාපෘතිය 2024 දි NASA ආයතනය විසින් සිදු කරන සද ගමනේ පුර්ව සුදානම් ලෙස කියන්න පුළුවන්. ඒ 2024 දි Artemis Missions එක ආරම්භක කිරිමට ඔවුන් බලාපොරොත්තු වෙන නිසා.

4G LTE Network එක ගගනගාමීන්ගේ සන්නිවේදනය, වාහනවල සන්නිවේදනය හා සදමත ඉදිරි කටයුතු සදහා ප්‍රයෝජනයට ගැනිමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳව NASA ආයතනයේ Space Technology Mission Directorate සදහා Associate Administrator වෙන Jim Reuter මෙලෙස පවසා තිබෙනවා.

“With NASA funding, Nokia will look at how terrestrial technology could be modified for the lunar environment to support reliable, high-rate communications,”

මුල් Apollo Missions වලදි අභ්‍යාවකාශ යානා හා පාලන මධ්‍යස්ථානය අතර සන්නිවේදනය සිදු වුනේ Transmitters, Base stations හා Relays ජාලයකිනුයි. ඒ පාථිවිය මත පැවතුනු 2-4Ghz සංඛ්‍යාතයකින් යුතු NASA ආයතනයේ ‘S-Band’ මගිනි. Digital Cellular Service එකක් කියන්නේ ඒ මගින් සද මතුපිට සන්නිවේදනය හා පෘථිවිය සමග සන්නිවේදනයේ ගුණාත්මකභාවය හා කාර්‍යක්ෂමතාවය ඉහල යනු ඇත.

සද මතුපිට සන්නිවේදනයට 5G තාක්ෂණය යොදා නොගන්නේ 5G Signals යොදා ගත හැකි වන්නේ කෙටි දුර සම්ප්‍රේෂණයට පමණක් විම නිසායි. එබැවින් 5G තාක්ෂණය යොදා ගන්නවා නම් සද මතුපිට වැඩිපුර සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය (Base Stations) ඉදිකල යුතු වෙනවා. මේ මගින් ව්‍යාපෘතියේ වියදම තවත් ඉහල යනවා.

4G තාක්ෂණය සද මතුපිට කටයුතු සදහා ප්‍රමාණවත් වන නිසා (මුල් මෙහෙයුම් කටයුතු සදහා) 5G පිළිබඳව තැකිමක් අවශ්‍ය වෙන්නේ නැ. කෙසේ වෙතත් ඉදිරියේදි සද මතුපිට ජනාවාසිකරණය ඇරඹි විට අනිවාර්යයෙන්ම 5G හෝ 6G තාක්ෂණයන් භාවිතය සිදු වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මේ 4G ජාලය පිහිටුවිහ 2024 දි ආරම්භ විමට නියමිතව ඇති අතර 2028 වන විට සද මතුපිට දර්ශනය 4G තාක්ෂණය ආධාරයෙන් පෘථිවිය වෙතට ගෙනවා ගැනිම බලාපොරොත්තුව වෙනවා. මේ සමග සඳ අන්තර් ග්‍රහලෝක ගමන්වලදි හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස නැතිනම් අතරමැදි පර්යන්තයක් ලෙස යොදා ගැනිමටයි විද්‍යාඥයන්ගේ බලාපොරොත්තුව වෙන්නේ.

Sources : Beebom, XDA Developers