පසුගිය ජුලි මාසයේ නිකුත් කල OnePlus Nord Device එක සදහා ඊයේ දින පැවති Event එකේදි අලුත් Color Variant එකක් හදුන්වා දුන්නා. ඒ ‘Gray Ash’ නමින්. ඒ වගේම මේ Gray Ash Nord Device එක හා අනෙක් Color Nord Devices අතර කිසිදු Software හෝ Hardware වෙනසක් නොමැති අතර මේ Gray Ash Device එක, එක Storage Option එකකින් පමණක් සමන්විත වෙනවා.

අලුත් Color එක වෙන Gray Ash වර්ණය සහිත Device එකේද අපිට අනෙක් Nord Devicesවල වගේම පසුපස සියුම් නිමාවක් දැක ගන්න පුළුවන්. හැබැයි මිට පෙර නිකුත් වු Gray Onyx color එක සහිත Device එකට වඩා මේ Gray Ash වර්ණයේ අඩු තීව්‍රතාවයක් දැක ගන්න පුළුවන්. ඒ වගේම Blue Marble හා Gray Onyx variantවලට වඩා මෙහි පසුපස Matte finish එකක් අපිට බලාගන්න හැකියාව ලැබෙනවා.

OnePlus Nord Series එක ගැන මෙතනින් බලන්න.

මේ නව ‘Gray Ash’ Special Edition එක අපිට මිලදි ගන්න පුළුවන් වෙන්නේ 12GB RAM එකක් හා 256GB Internal Storage එකක් සහිතවයි. ඒ වගේම මේ Special Edition එක ඉන්දියාවේ දි ₹29,999 මිලකටත්, ඇමරිකා එක්සත් රාජධානියේ දි GBP 469කටත්, යුරෝපයේදි EUR 499 ක මිලකටත් මිලදි ගත හැකියි.

Sources : Gizmochina