Loading...
ඔක්තෝම්බර් 14 වන දින OnePlus 8T දුරකතනයට අමතරව OnePlus Nord Special Edition එකක් නිකුත් කිරීමට OnePlus සමාගම සූදානම් වේ

ඔබට මතක ඇති OnePlus Nord Smartphone එක නිකුත් වුනේ Color Options දෙකකින්. ඒ Blue Marble සහ Gray Onyx කියන Colors දෙකෙන්. මේ වන විට OnePlus සමාගම විසින් OnePlus 8T Series එකේ එළිදැක්වීමට සමගාමිවම OnePlus Nord Special Edition එකක් නිකුත් කරන්න කටයුතු කරන බව නිවේදනය කරල තියෙනවා. ඔවුන් මේ බව OnePlus සමාගමේ නිල Twitter ගිණුම ඔස්සේ සදහන් කරලා තියෙනවා.

මේ Twitter සටහනත් එක්ක ඔවුන් Teaser image එකකුත් අපිට බලා ගන්න සලස්වලා තියෙනවා. ඔබ OnePlus සමාගමේ දිගු කාලින රසිකයෙක් නම් ඔබට මේ Image එක දැක්ක ගමන්ම මේ Special Edition එක මොකක්ද කියල අදහසක් අනිවාර්යයෙන්ම එනවා. වැඩිය විස්තර නැතුව කියනව නම් මේ Special Edition එක Sandstone Finish එකකින් යුතු OnePlus Nord Device එකක් විදිහට හදුන්වා දෙන්න පුළුවන්.

ඔබට මතක ඇති නම් 2014 දි හදුන්වා දුන් OnePlus One Smartphone එක Color Options දෙකකින් යුතු වුණා. ඒ Silk White හා Sandstone Black කියන Color Variants දෙකෙන්.

OnePlus One

ඒ වගේම OnePlus 2 Smartphone එකත් Sandstone Black විදිහට ලබා ගන්න පුළුවන් වුණා.

Oneplus 2

නමුත් ඉන් පසුව OnePlus 8 Series එකේදි වගේ Sandstone Device එකක් නිකුත් නොවුනට Sandstone cases එකක් මිලදි ගන්න OnePlus සමාගම අවස්ථාව සලසා දුන්නා.

OnePlus 8 Sandstone Case

මේ Special Nord Edition එකේ Sandstone finish එක නිසා මේ Device එක රළුු භාවිතයට උචිත ලෙස නිපදවා ඇති බව අපිට හිතන්න පුළුවන්. ඒ වගේම බොහෝ විට මෙය Gorilla Glass 5 Back panel එකකින් සහිත වනු ඇති බවටත් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Sources : Gizmochina