Loading...
OnePlus සමාගම විසින් නුදුරේදීම තවත් Nord ජංගම දුරකථනයක් නිකුත් කරන බවට නිල වශයෙන් ප්‍රකාශ කරයි

OnePlus Nord ජංගම දුරකථනය වෙළඳපලට නිකුත් වී මේ වන විට මාස දෙකක් වැනි කාලයක් ගත වී ඇත. මෙම ජංගම දුරකථනය නිකුත් කිරීමත් සමඟම OnePlus සමාගම හෙලිකර සිටියේ මෙය OnePlus සමාගමේ නවතම ජංගම දුරකථන series එකක් බවට පත් වන බවයි. ඒ සඳහා මීට පෙර ඔවුන් විසින් Trademarkද ලබාගෙන ඇත.

මේ වන විට OnePlus සමාගම විසින් නිල වශයෙන් තවත් OnePlus Nord ජංගම දුරකථනයක් පිළිබඳව ඉඟි පල කර ඇත. ඒ #ComingSoon ලෙස යෙදූ caption එකක් සමඟ OnePlus Nord නිල Instagram ගිණුම හරහා තැබූ පණිවිඩයකිනි. එය පහත දැක්වේ.

View this post on Instagram

#ComingSoon

A post shared by OnePlus Nord (@oneplus.nord) on

මීට සති කිහිපයකට කලින් OnePlus සමාගම් විසින් දැරිය හැකි මුදලකට OnePlus Nord N10 5G නම් ජංගම දුරකථනයක් නිකුත් කරන බවට කට කතා පැතිරුණී. ඒ අනුව N10 5Gහි අඩංගු විය හැකියැයි සැලකෙන specifications පිළිබඳවද මත පල වී තිබුණු අතර ඒවා පහත පරිදි විය.

Chipset - Snapdragon 690 5G
RAM - 6GB
Storage - 128GB
Display - 6.49-inch FHD+ with 90Hz refresh rate
Rear Camera - 64MP primary + 8MP ultrawide + two 2MP

මෙම specifications තවමත් තහවුරු වී නොමැති ඒවා වන අතර මෙම ජංගම දුරකථනයේ මිල ලෙස දැනට වාර්තා වන්නේ $400කට පහල අගයකට මිල වේ යනුවෙනි.

Source: Gizmo China