Loading...
HarmonyOS එක පිළිබඳ හෙලාදකින අයුරින් මතයන් පල කරන ලද Oppo සමාගමේ සේවකයෙකු තම ධූරයෙන් ඉල්ලා අස් වේ

HarmonyOS කියන්නෙ Huawei සමාගම විසින්ම නිර්මාණය කරගත් එයාලගෙම OS එක. මේ ගැන ඔයා හොඳටම දන්නවනෙ. ඉතින් ගෙවීගිය මැයි මාසයෙ 14 වෙනි දින Oppo සමාගමේ සේවකයෙක් "WeChat" Group එකකදි Huawei සමාගමට අයත් HarmonyOS පිළිබඳව ටිකක් නරක අදහස් කිහිපයක් පළ කරනව.

ඉතින් වැඩි වෙලාවක් යන්න කළින්ම මේ Group Chat එකේ Screenshot බොහොම ඉක්මනින් Weibo මාධ්‍ය හරහා හුවමාරු වෙන්න ගන්නව. ඒ වගේම වැඩි වෙලාවක් යන්න කළින් Huawei විතරක් නෙමෙයි වෙනත් ජංගම දුරකථන භාවිත කරන අය අතරෙ පවා මේක උණුසුම් මාතෘකාවක් බවට පත්වෙනව.

ඉතින් අන්තිමේදි මේ Oppo සමාගමේ සේවකයා HarmonyOS (Global) එහෙමත් නැත්නම් HongemengOS (China) සම්බන්ධව ඉදිරිපත් කරපු නරක අදහස් ගැන කණගාටු වෙන ගමන්ම Oppo සමාගමෙන් ඉල්ලා අස් වෙනව.

එ වගේම මේ සේවකයා පසුගිය මැයි 28 වෙනි දින එයාගෙ Weibo Account එක හරහා සිදුකරපු වරද ගැන සමාව ඉල්ලනව..

උපුටා ගැනීම :-

"“I have no basis, just relying on some so-called online articles and provocations to deny the value of Hongmeng, which not only harms Huawei but also affects the company.

Also, he mentioned that I was eager to comment failed to distinguish between the identity of the blogger and the role of the job, making the peoples think that I am here on behalf company.

However, I am actually an ordinary employee of OPPO and created so many misunderstandings and troubles, it is unqualified in public relations work and does not conform to the company’s values.

Today, I officially ended my work at OPPO, and very sorry to everyone again. I want to continue my job but I feel that I am incompetent and cannot face my colleagues. From today onwards, I’m behind closed doors, and I’d like to say goodbye to Weibo and the past me…”

මේ ආකරයට මොහු Oppo සමාගමෙන් ඉල්ලා අස් වී තිබේ.

Source: Huawei Central