Loading...
OPPO සමාගම විසින් අමුතුම ආකාරයේ foldable smartphone 4ක් සඳහා patent බලපත්‍ර ලබා ගනී

OPPO සමාගම විසින් තවමත් ඔවුන්ගේම Foldable Smartphone එකක් එළිදැක්වීමට සමත් වි නෑ. ඒ වගේම මේ වන විට ඔවුන් ඔවුන්ගේ Foldable Smartphone එකක් නිපදවීම පිළිබඳව කටයුතු කරමින් සිටින බවට පසුගිය දිනක Oppo සමාගම විසින් ලබාගත් Patent බලපත්‍ර අනුව අනුමාන කල හැකියි. මේ අනුව ඔවුන් විසින් Block Structure එක සහිත Foldable Device සදහා Patent බලපත්‍ර 04ක් ඉදිරිපත් කර තිබෙනවා. මේ සියල්ල කිහිප වතාවක් නැමිය හැකි Foldable Device සදහා වන Patent බලපත්‍ර වෙනවා.

Patent 01

මේ Patent එකට අනුව ඔවුන් ඉදිරිපත් කර ඇති Design එක Blocks 06කින් හා Hinges දෙකකින් යුතු වෙනවා. ඒ වගේම මේ Design එකේ Dual-Camera Setup එකක් සමග LED Flash එකක් මෙහි ඉදිරිපස පහලින් පිහිටුවා තිබෙනවා. ඒ වගේම මෙහි පසුපස කිසිදු උපාංගයක් ඇතුලත් කර නෑ.

මේ Smartphone එක සම්පූර්ණ හෝ අර්ධ වශයෙන් නැමිය හැකි වෙනවා.

Patent 02

මේ Patent බලපත්‍රය මගින් ඉදිරිපත් කර ඇති Design එකත් Blocks 06කින් හා Hinges දෙකකින් සමන්විත වෙනවා. මෙහි Triple Camera Setup එකක් හා LED Flash එකක් මෙහි පිටුපස ඉහල කෙරවලේ පිහිටා තිබෙනවා.‌‌ඒ වගේම මෙය ඇතුලට හා පිටතට යන අකාර දෙකටම නැමිය හැකි වෙනවා. එනම් මේ Device එකේ ඉහළ කොටස ඇතුලට ද Device එකේ පහළ කොටස පිටතටත් නැමිය හැකි වෙනවා.

Patent 03

මේ Patent බලපත්‍රට අනුව මේ Device එක Blocks 08කින් හා Hinges 02කින් සමන්විත වෙනවා. ඒ වගේම මේ Patent බලපත්‍රයෙන් දැක්වෙන Device එකේ Camera Setup එකක් පිළිබඳව කිසිදු සදහන් ඇතුලත් වන්නේ නැ. සමහර විට මේ Device එකේ Under-Display Camera Setup එකක් ඇතුලත් විය හැකියි.

Patent 04

මේ Device එකේ Design එකත් Patent 03හි ඉදිරිපත් කර ඇති Design එක ආකරයම වෙනවා. මෙහි වෙනස්කම වෙන්නේ පිටුපස ඇති Triple Camera Setup එක හා LED Flash එකක් ඇතුලත් කර තිබිමයි.

මෙලෙස Patent බලපත්‍ර ලබාගෙන තිබුණද මේ අකාරයේ Designවල Foldable Smartphone ඉදිරියේදි නිකුත් වේ යැයි විශ්වාස කිරිම තරමක් අපහසු වෙනවා.

Sources : Gizmochina