Loading...
PayPal විසින් cryptocurrency හරහා ගණුදෙනු කිරීමේ හැකියාව ලබා දීමට කටයුතු කරයි

PayPal සමාගම විසින් අද දිනයේදී (මාර්තු 30, 2021) ඇමරිකානු පාරිභෝගිකයන් හට cryptocurrency හරහා ගෙවීම් කටයුතු කිරීමේ පහසුකම ලබා දීමට කටයුතු කරා. ඒ අනුව දැන් PayPal digital wallet වල රඳවාගෙන සිටින bitcoin, ether, bitcoin cash සහ litecoin භාවිතා කරමින් සාමාන්‍ය මුදල් ඒකක වලින් කරන ගණුදෙනු කිරීම සඳහා අවස්ථාව සැලසී ඇත.

මේ පහසුකම ඉදිරි මාස කිහිපය තුල දි ලොවපුරා පිහිටි මිලියන 29ක පමණ PayPal හවුල්කාර වෙළෙඳ ආයතන මගින් ලබා ගත හැකි වෙනවා.

PayPal හි President හා CEO වෙන Dan Schulman මහතා විසින් දක්වා තිබෙන්නේ Credit Cards හෝ Debit Cards මෙන්ම Cryptocurrencies ද PayPal Wallet එක ඔස්සේ භාවිතයට ගැනිමට ප්‍රථමවරට මේ ඔස්සේ අවස්ථාව හිමිවෙන බවයි. ඒ වගේම මිට පෙර සාම්ප්‍රදායික ලෙස සිදු වු Cryptocurrencies මිලදි ගැනිම හෝ විකුණා දැමිමට අමතරව මේ මගින් මිලියන ගණනක වු වෙළද සමාගම් සමග සැබැ ලොකයේ ගනුදෙනු සිදු කල හැකි වෙන අතරම Cryptocurrencies මගින් ගණුදෙනු කිරිමට මේ ඔස්සේ නිත්‍යානුකූල තත්වයක් ද ඇති වෙන බව ඔහු වැඩි දුරටත් පෙන්වා තිබෙනවා.

මේ සමගින් PayPal භාවිතා කරන්නන්ට Cryptocurrencies මිලදි ගැනිම, ලග තබා ගැනිම හා විකිණිමේ පහසුකම් ද ලැබෙනවා. ඒ අනුව Cryptocurrencies මගින් ගණුදෙනු කිරිමට තම පාරිභෝගිකයන්ය අවස්ථාව සලසා දුන් ලොව විශාලතම මුල්‍ය සමාගමක් බවට PayPal සමාගම පත් වෙනවා.

මිට සතියකට පමණ ඔබට මතක ඇති Tesla සමාගම විසින් Tesla මොටර් රථ මිලදි ගැනිම සදහා Bitcoin භාවිත කිරිමට අවස්ථාව ලබා දෙනු ලැබුවා. එහිදි සෘජුව Bitcoin හරහා අවශ්‍ය මිලදි ගැනිම් කටයුතු සිදු කිරිමට අවස්ථාව ලබා දි තිබුණත් PayPal මගින් Cryptocurrencies යොදා ගෙන සිදු කරන ගණුදෙනුවලදි Fiat Currency එකක් මගින් ගණුදෙනුව සිදු වෙනවා.

මෙලෙස Cryptocurrencies මගින් සිදු වෙන ගණුදෙනු Fiat Currency ඔස්සේ හවුල්කාර වෙළදසැල් වෙත ලබා දිම තුලින් ඔවුන් කිසිදු අවධානමකට ලක් නොවන බවත් සදහන් කර තිබෙනවා. ඒ වගේම Cryptocurrencies මගින් සිදු කරන ගණුදෙනුවලදි PayPal විසින් කිසිදු සේවා ගාස්තුවක් අය නොකරන අතර මේ ගණුදෙනු සදහා එක විටක භාවිත කල හැක්කේ එකම වර්ගයේ Cryptocurrency ඒකකයක් වෙනවා.

Source: Reuters, Businessday