දුරකථන වෙළඳපොල තුළ පෙරළියක් ඇති කරමින් පසුගිය 13 වන දින එනම් ඔක්තෝබර් 13 වන දින නිකුත් වූ Google Pixel 7 සහ 7 Pro දුරකථන මේ වන විට බොහෝමයක් දෙනා අතර කතාබහට ලක්වන මාතෘකාවකි. වෙළඳපොල තුළ විශාල ඉල්ලුමක් පවතින මෙම දුරකථන මාදිලිය සඳහා පසුගිය දිනෙක යම් ආන්දෝලනාත්මක සිදුවීමක් ඔස්සේ නැවතත් බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත. එනම් Pixel 7 දුරකථන පෙළ 64-bit නොවන යෙදුම් භාවිතය අවහිර කරනු ලබන පළමු Android දුරකථනය වීමයි.

32-bit සහ 64-bit පිළිබඳව කෙටියෙන්
සරලවම පැහැදිලි කළහොත් මෙම 32-bit සහ 64-bit මෙහෙයුම් පද්ධති දෙක එකිනෙකින් වෙනස් වන ප්‍රධානතම කරුණ වන්නේ එහි පවතින Processing Speed එකයි. 32-bit applications තරමක් වේගවත් වවින් අවම අතරම 64-bit application එයට සාපේක්ෂව වේගවත් බවින් වැඩි වේ.
2011 වර්ෂයේ දී Android විසින් Android 5.0 නිකුත් කිරීමත් සමග 64-bit යෙදවුම් සඳහා සහාය දැක්වීම ආරම්භ කෙරුණි. කෙසේ නමුත් 32-bit සඳහා ද සහාය දක්වන නමුත් Google සමාගම වරෙක සඳහන් කර තිබුණේ ඔවුන් විසින් 64-bit වෙත සම්පූර්ණයෙන් ගමන් කිරීමට පියවර ගන්නා බවක් ය.
කෙසේ නමුත් 2019 වර්ෂයේ දී Google සමාගම විසින් Play Store හරහා ලබාදෙන සියලුම යෙදවුම් සඳහා 64-bit අවශ්‍යතාවය අනිවාර්යය කළ අතර 64-bit නොවන අනෙකුත් පැවති යෙදවුම් සහ ඉදිරියේදී එකතු කිරීමට නියමිත යෙදවුම් සියල්ල ඉවත් කරන ලදී.
එවැනි තත්ත්වයක් යටතේ Google Pixel 7 දුරකථන පෙළ සඳහා 64-bit යෙදවුම් පමණක් භාවිතා කිරීමට අවසර ලබාදීමය Google සමාගම තීරණය කර ඇත. Mishaal Rahman විසින් Twitter පණිවුඩයක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ Pixel 7 දුරකථන පෙළ 64-bit සඳහා පමණක් සහාය දක්වන බවත් 32-bit යෙදවුම් install කිරීමට උත්සාහ කිරීමේදී එම යෙදවුම Install කිරීමට නොහැකි බව සඳහන් පණිවුඩයක් පරිශීලකයා වෙත දිස්වන බවත් ය.
I just asked someone with a Pixel 7 Pro to confirm (H/T @AdamConwayIE), and it indeed seems like the Pixel 7 series ships with a 64-bit only build of Android 13!
— Mishaal Rahman (@MishaalRahman) October 13, 2022
This means that 32-bit apps like Flappy Bird can't be installed. https://t.co/DD9BgRnVz8
මෙලෙස Google සමාගම තමා යටතේ ඉදිරියේදී නිකුත් කරනු ලබන දුරකථන සඳහා බොහෝ දුරට 64-bit යෙදවුම් සඳහා පමණක් සහාය දැක්වීම කෙරෙහි අවධානය යොමු කර ඇත. කෙසේ නමුත් මෙලෙස 64-bit යෙදවුම් සඳහා පමණක් සහාය දැක්වීම තුළ පරිශීලකයන් හට කිසිඳු බාධාවක් සිදු නොවන බව ද විචාරකයන් ගේ මතයයි.
නමුත් ඇතැම් විචාරකයන් සඳහන් කරනු ලබන ආකාරයට මෙම ක්‍රියාවලිය හේතුවෙන් 4GB RAM හෝ ඉන් ඉහළ ධාරිතාවයකින් යුතු දුරකථන වල ශක්ති කාර්යක්ෂමතාවය සහ ක්‍රියාකාරීත්වය 5 - 10 % ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවයි.
ඉදිරියේ දී නිකුත් වීමට නියමිත Google Pixel Tablet සඳහා සම්පූර්ණයෙන්ම 64-bit වන ප්‍රථම Android උපාංගය වනු ඇති බවට අනුමාන කළ හැකි වේ. මේ පිළිබඳව යාවත්කාලීන වන තොරතුරු දැනගැනීමට Android වැඩකාරයෝ සමග එක්වන ලෙස ආරාධනා කරමි.
Sources: www.androidauthority.com 9to5google.com