Loading...
Motorola සමාගම විසින් Moto G9 Plus නමින් නව Budget device එකක් හඳුන්වාදීමට සැරසේ

Motorola සමාගමේ නවතම Budget Device එක වෙන Moto G9 Plus Device එකේ Specs වගේම Price එක ගැනත් පසුගිය දවසක  Slovakia රාජ්‍යයේ carrier සමාගමක් වෙන Orange සමාගම විසින් වැරදිමකින් පල කර තිබුණා. ඒ අනුව ඉදිරියේදි මේ Moto G9 Plus Smartphone එක €255 මිලකට අලෙවි කිරිමට සුදානම් වෙන බවට මිල සදහන් කර තිබුණා. ඒ කියන්නේ ආසන්නව ඩොලර් 300 පමණ මුදලකටයි.

Roland Quandt විසින් Twitter හි දක්වා ඇති අකාරයට මේ Moto G9 Plus Smartphone එක දිගින් මිලිමීටර 170 ද පළලින් මිලිමීටර 78.1 ක් හා මිලිමීටර 9.7 ඝණකමකින්ද යුතු වෙනවා. ඒ වගේම 223g බරකින් යුතු වෙනවා.

Display එක විදිහට අගල් 6.81 ක TFT Display එකක් ලබා දිලා තියෙන අතර එහි Resolution එක විදිහට දැක්වෙන්නේ 2400x1080 යි. ඒ වගේම 128GB Internal Storage එකක් හා 64MP Primary sensor එකක් Rear Cameraව සදහා භාවිත කරලා තිබෙනවා. ඒ වගේම Motorola සමාගම කලින නිවේදනය කරපු Moto G9 Device එක සදහා ඔවුන් 4GB RAM එකක් හා 5,000mAh බැටරි එකක් ලබා දිලා තිබුණා.

ඒ අනුව මේ Moto G9 Plus එකට බොහෝ විට Moto G 9 Device එකට වඩා RAM හා Battery Capacity එක වැඩිපුර ලබා දෙයි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම Side Mounted Fingerprint Sensor එකකුත් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Orange සමාගම විසින් ඔවුන්ගේ වෙබ්අඩවියේ G9 Plus Smartphone එකේ මිල ලෙස €250 ක් සදහන් කර තිබුණා. ඒ වගේම ඔවුන් ඉදිරිපත් කර තිබුණේ Blue Color Version එකක් පමණයි. නමුත් දැනට තිබෙන Renders අනුව මේ Device එක Gold Color එකෙනුත් අපිට දැක ගන්න පුළුවන් වෙයි කියල බලාපොරොත්තු වෙන්න ⁣පුලුවන්.

Source: Android Police, Orange Slovakia