එකම දුරකථන අංකය සැම දුරකථන සේවා සපයන්නෙක්ගෙන්ම ලබා ගැනිමේ හැකියාව ශ්‍රී ලාංකික ජනතාව වෙත ලබා දිම සදහා Number Portability සේවාව හදුන්වා දිමට පසුගිය අගොස්තු මාසයේදි පමණ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මුලික කටයුතු ආරම්භ කරනු ලැබුවා.
ඒ අනුව ඔවුන් විසින් මේ Number Portability සේවාව පිළිබඳව මහජන අදහස් විමසීමක් පසුගිය ජනවාරි මාසයේදි පමණ සිදු කරනු ලබුවා. ඒ අනුව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ඖෂධ සේනානායක මහතා විසින් ප්‍රකාශ කර තිබුණේ මේ සදහා පාකිස්තාන විදුලි සංදේශ අධිකාරියේ මගින් අවශ්‍ය ප්‍රායෝගික හා තාක්ෂණික සහයෝගය ලබා ගැනිමට බලාපොරොත්තු වෙන බවයි.
ජුනි 26 දින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිල Twitter ගිණුම ඔස්සේ ඔවුන් සටහන් කර තිබුණේ මේ Number Portability සේවාවට අදාල නෛතික ක්‍රියාවලියේ අවසාන අදියරේ සිටින බවයි.
Progress Update on Number Portability, We are in the final stages of formalising the institutional and operational frameworks that would enable operators to move to next steps of setting up central clearing house entity & systems as a key milestone towards the implementation. #lk pic.twitter.com/n3jlnotMsL
— TRCSL (@TRCSL) June 26, 2021
ඒ අනුව මේ වෙන විට සියළුම දුරකථන ක්‍රියාකරුවන් හරහා මධ්‍යම නිශ්කාෂණ ආයතනය සහ පද්ධති පිහිටුවීමත්, මෙහෙයුම් රාමුව විධිමත් කිරීමට අවශ්‍ය නෛතික ක්‍රියාවලියේ අවසන් අදියරේ සිටින බව ඔවුන් වැඩි දුරටත් දක්වා තිබුණා.
පාරිභෝගිකයින් සදහා 2022 වසරේදි මේ Number Portability සේවාව හදුන්වා දිමට බලාපොරොත්තු වෙන බවයි මිට පෙර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශ කර තිබුණේ.
2022 දි ශ්‍රී ලංකාව සදහා හදුන්වා දිමට යන Number Portability සේවාව ගැන තවමත් ඔබ දැනුවත් නැති ද ? මෙතනින් බලන්න.
Source : TRCSL