Loading...
Qualcomm සමාගම Snapdragon 888 5G chipset එක එලිදැක්වීමට කටයුතු කරයි; කැමරා 3කින් 4k record හැකියාව ලබා දේ

Qualcomm සමාගමේ නවතම Flagship Chipset එක වෙන Snapdragon 888 5G Chipset එක පසුගිය දිනක නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා. ඔවුන්ගේ අනෙක් Chipsetවලට වඩා මේ Flagship Chipset එකේ Highlights හා Advancements පිළිබඳව ඔවුන් දක්වා තිබෙනවා. අපි දැන් බලමු මේ Snapdragon 888 5G Chipset එක ගැන.

01. CPU & GPU

Snapdragon 888 5G කියන්නේ 5nm තාක්ෂණය මත පදනම් වු Octa-core Chipset එකක්. මේ Chipset එක නිර්මාණය කර තිබෙන්නේ Snapdragon 865 Chipset එකේ Architecture එකට අනුවයි.

Kryo 680 CPU‌‌

මේ Kryo 680 CPU එකේ ARM Cortex-A series coresවලට අමතරව නව Cortex-X1 core යොදා ගෙන තිබෙනවා. මෙය Cortex-A55 cores හතරක් ද, Cortex-A78 cores තුනක් හා Cortex-X1 core එකකින් යුතු වෙනවා. මේ Kryo 680 මගින් CPU Performance එක 25% දකවා වැඩි කිරිමට සමත් වි තිබෙනවා.

Adreno 660 GPU‌‌

Kryo 680 CPU cores සදහා සදහ දක්වන GPU එක වන්නේ නව Adreno 660 GPU එකයි. Qualcomm සමාගම පවසන අකාරයට Snapdragon 865 Chipset එකට වඩා මේ GPU එක මගින් 35%ක පමණ වේගවත් Graphics Rendering එකක් බලාපොරොත්තු විය හැකි බවයි. මේ Chipset එක Variable rate shading සදහා සහය දක්වන අතර මේ Feature එක මීට පෙර Pc Games හා Consolesවලට පමණක් සිමා වුණා. මේ මගින් අපිට Higher Frame Rate එකකින් යුතු වරඩි කාලයක් Game Play කිරිමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අලුත් Quick Touch feature එකක් ලබා දි තිබෙනවා. මේ මගින් PUBG Mobile වැනි FPS Gamesවලදි 20%ක් පමණ වැඩි Touch Response Speed එකක් ලබා දෙනවා.

02. 5G Connectivity

පසුගිය කාලයේදි Snapdragon 865 Chipset එකත් සමග නිකුත් වු Smartphoneවල 5G Connectivity එක සදහා වෙනමම 5G Modem එකක් අන්තර්ගත කිරිම සිදු වුවා. නමුත් මේ Qualcomm Snapdragon 888 Chipset එකේදි ඔවුන් Chipset එකටම 5G Modem එක ඇතුලත් කර තිබෙනවා. මේ සදහා ඔවුන් යොදා ගෙන තිබෙන්නේ X60 5G Modem එක වෙනවා.

Snapdragon X60 5G Modem එක sub-6GHz හා mmWave 5G Network යන දෙකටම සහය දක්වනවා. මේ මගින් 7.5Gbps දක්වා වු Speed එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ Modem එක Global 5G Multi-SIM, Dynamic Spectrum Sharing හා Carrier Aggregation ආදියට සහය දක්වනවා. එමෙන්ම මේ Snapdragon 888 Chipset එක Qualcomm FastConnect 6900 Mobile Connectivity System එකත් සමග පැමිණෙනවා. මේ මගින් Wi-Fi 6 හා නව Wi-Fi 6E සදහා මෙන්ම Bluetooth 5.2 වෙතත් සහය දක්වනවා.

03. Camera Improvements

Qualcomm සමාගම විසින් මේ Snapdragon 888 Chipset එක පිළිබඳව පල කල Official Press Note එකේ ඔවුන් දක්වා තිබුනේ මේ Chipset එක මගින් Smartphone එක Professional Quality Camera එකක් බවට පත් කල හැකි බවයි. මේ Chipset එක Spectra 580 ISP මගින් සමන්විත වෙනවා. ඒ වගේම මේ Chipset එකේ Triple Image Signal Processor (ISP) එකක් අඩංගු වෙනවා. මේ මගින් අපිට එකවර Camera තුනකින් 4K HDR Videos Capture කිරිමේ හැකියාව පවතිනවා.

ඒ වගේම මේ Spectra 580 ISP එක මගින් අපිට Photos හෝ Videos 2.7 Gigapixels per second හෝ 12MP resolution එකෙන් යුතු Photos 120 දක්වා Capture කිරිමේ හැකියාව ලබා දි තිබෙනවා. එමෙන්ම මෙය 200MP දක්වා Photos සදහාත්, 10-bit color depth, Slo-mo at 960FPS, Dolby Vision video recording හා Multi-frame noise reduction වැනි Features සදහා සහය දක්වනවා.

ඒමෙන්ම Snapdragon 888 Chipset එක මගින් බලගැන්වෙන Smartphoneවලින් 120fpsවලින් Burst Photos Capture කල හැකි වෙනවා. මේ සමග ඇති නව Low Light Architecture එක මගින් අපිට 0.1 lux ආලෝක තත්ව යටතේ ඇති ජායාරූප දිප්තිමත්ව Capture කර ගත හැකි වෙනවා.

04. AI Capabilities

මේ Chipset එක 6th-Gen Qualcomm AI Engine එකෙන් සමන්විත වෙනවා. මෙය නව Hexagon 780 processor එකෙන් බලගැන්වෙනවා. මේ AI-accelerator Architecture එක මගින් Smartphone එක සදහා 26 TOPS (tera operations per second) performance එකක් ලබා දිමට කටයුතු කරනවා.

05. Security Upgrades

සාමාන්‍ය Security Features වන Qualcomm Secure Processing Unit, Trusted Execution Environment හා Cloud-based Wireless Edge Service එක හැරැණු කොට මේ Snapdragon 888 5G Chipset එක මගින් නව Security Features දෙකක් ලබා දි තිබෙනවා.

මින් එකක් විදිහට Hypervisor Security Feature එක දක්වන්න පුළුවන්. මේ මගින් අපිට අපිට Personal, Work විදිහට Profile එකක් හදලා Smartphone එක ඒ ඒ Profileවලදි වෙන වෙනම ක්‍රියාත්මක වෙන ආකාරයට වෙන වෙනම වැඩ කටයුතු කර ගන්න පුළුවන්. සරලවම කියනව නම් Pcවල තියෙන User Account එක වගේ. මේ මගින් අපේ Personal මෙන්ම Work Data වෙන වෙනම ආරක්ෂිතව තියා ගන්න පුළුවන් වෙනවා.

ඒ වගේම ⁣මේ Snapdragon 888 Chipset එක සහිත Smartphonesවල අපිට Content Authenticity Initiativeවලට සහය දක්වන Camera Setup එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එනම් මේ Smartphoneවලට cryptographically-signed images Capture කර Read කිරිමේ හැකියාව පවතිනවා.

Sources : Beebom, Xda Developers