Qualcomm සමාගම විසින් තම XPAN (Expanded Personal Area Network) තාක්ෂණය ගැන නවතම තොරතුරු පසුගිය දිනක හෙළි කළා. මේ තාක්ෂණය මුලින්ම 2023දී හඳුන්වා දුන්නත්, 2025 MWC (Mobile World Congress) උළෙලේදී ඔවුන් විසින් ප්‍රකාශ කර සිටියේ මුලින්ම Snapdragon 7 Series Chipset සඳහා XPAN සහාය ලැබෙන බවයි. කෙසේ වෙතත්, දැන් තහවුරු කරලා තියෙන්නේ XPAN සහාය මුලින්ම ලැබෙන්නේ Snapdragon 8 Gen 3 සහ Snapdragon 8 Elite Chipset සඳහා බවයි.
XPAN කියන්නේ රැහැන් රහිත ඉයර්බඩ්ස් (wireless earbuds) සඳහා Bluetooth වෙනුවට Wi-Fi භාවිතයෙන් ශබ්දය ලබා දෙන තාක්ෂණයක්. මේකෙන් ලොකු දුරක් පවත්වා ගන්නත්, ඉහළ ශබ්ද ගුණත්වයක් (high-quality audio) ලබා ගන්නත් පුළුවන්. Xiaomi Buds 5 Pro Wi-Fi කියන්නේ මේ XPAN තාක්ෂණය භාවිතා කරන ලෝකයේ පළමු Earbud එකයි.
මොකක්ද මේ XPAN තාක්ෂණය ?
XPAN තාක්ෂණය කියන්නේ Qualcomm සමාගමේ Snapdragon Sound පද්ධතියේ එක් කොටසක්. මේක 2023දී Snapdragon S7 සහ S7 Pro Sound Chips සමඟ හඳුන්වා දුන්නා. XPAN තාක්ෂණය ඔස්සේ earbud එකට Bluetooth හා Wi-Fi (2.4GHz, 5GHz, 6GHz) අතර seamless විදිහට මාරු වෙන්න පුලුවන්. උදාහරණයක් විදිහට, ඔබේ දුරකථනය ඔබ ලඟ තියෙනකොට Bluetooth ඔස්සේ earbud එක සමඟින් සම්බන්ධ වන අතර දුරකථනය මදක් දුරින් (වෙනත් කාමරයක) තිබ්බම Wi-Fi හරහා සම්බන්ධ වෙනවා. මේ ඔස්සේ ගෙදර ඕනෑම තැනකට ශබ්දය ගෙනියන්න පුළුවන්. නමුත් මේ සඳහා දුරකථනය සහ Earbuds යන උපාංග දෙකම එකම Wi-Fi ජාලයකට සම්බන්ධව තිබිය යුතුයි.
XPAN ක්‍රියාත්මක වෙන්නේ public-key cryptography එකකින් නෙවෙයි. ඒත් ඒකට Qualcomm හි Snapdragon 8 Gen 3 හෝ Snapdragon 8 Elite Chipset එකක් තියෙන දුරකථනයක් සහ Snapdragon S7 Pro Sound Chip එකක් තියෙන earbuds එකක් අවශ්‍යයයි. මේ XPAN තාක්ෂණය ඔස්සේ 24-bit 96kHz lossless audio ලබා දෙනවා. ඒක Bluetooth aptX Lossless (1 Mbps) එකට වඩා 29 ගුණයක් වැඩි bandwidth (29 Mbps) එකක්. ඒ වගේම latency (ප්‍රමාදය) 38ms වගේ අඩු මට්ටමක තියෙනවා. ඒ කියන්නේ Gaming වලටත් මෙය ගැලපෙනවා.
Qualcomm සමාගම දක්වන්නේ, XPAN එකෙන් Wi-Fi හරහා 96kHz lossless audio ලබා දෙනකොට Bluetooth මගින් lossy 96kHz audio ලබා දෙන විට වැය වන Battery බලයකට සමාන බලයක් වැය වන බවයි.
XPAN vs Bluetooth
XPAN | Bluetooth | |
---|---|---|
ශබ්ද ගුණාත්මකභාවය | 24-bit 96kHz lossless | 24-bit 48kHz lossy (aptX) |
දුර | මීටර් 100ක් (Wi-Fi ජාලය තුළ) | මීටර් 10ක් |
ප්‍රමාදය | 38ms | 100ms+ |
Battery භාවිතය | Wi-Fi භාවිතයට සමාන හෝ අඩු | ඉතා අඩු |
උපාංග සහය | දැනට Snapdragon 8 Gen 3+ පමණයි | ඕනෑම උපාංගයකට |
උපකරණ වර්ග | Wi-Fi සහාය සහිත Earbuds | Bluetooth සහාය ඇති Earbuds |
XPAN සහය දෙන උපාංග
තවමත් XPAN තාක්ෂණය Snapdragon 8 Gen 3 සහ Snapdragon 8 Elite Chipset වලට සීමා වෙනවා.
දැනට Xiaomi 15 Ultra, Realme GT 7 Pro, ASUS ROG Phone 9 සහ Samsung Galaxy S25 Ultra දුරකථන මේ Snapdragon 8 Elite Chipset එකෙන් යුතු වන අතර ඉදිරියේදී තවත් Samsung, OnePlus සහ OPPO වගේ දුරකථනවලටත් එන්න පුළුවන්.
ඒ වගේම මේ XPAN තාක්ෂණය මේ වන විට Xiaomi Buds 5 Pro Wi-Fi සඳහා ලබා දී තිබෙනවා. ඉදිරියේදී අනිත් සමාගම්වලිනුත් මේ තාක්ෂණය සහිත Earbuds නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.
Source: www.qualcomm.com www.androidauthority.com www.theverge.com