Loading...
5G දුරකතන සඳහා අඩු පිරිවැයකින් නිපදවූ Snapdragon 480 5G නම් නව chipset එකක් Qualcomm සමාගම විසින් එලිදක්වයි

පසුගිය වසරේදි MediaTek, Qualcomm හා UNISOC වැනි සමාගම් විසින් නිවේදනය කරන ලද 5G Chipset මගින් ⁣දැරිය හැකි මිලකට වෙළදපොලට 5G Smart Phone ගෙන ඒමට හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ වන විට Qualcomm සමාගම විසින් නිකුත් කර තිබෙන නවතම 5G Chipset එක වෙන Snapdragon 480 5G මගින් දැරිය හැකි මිලක Qualcomm Snapdragon Chipset එකක් සහිත Smart Phone එකක් මිලදි ගැනිමට පාරිභෝගිකයාට හැකියාව ලැබෙන බව නිසකයි.

Snapdragon 4 Series එක (400 Series) මගින්  Smart Phone හා Tablets බලගැන්වෙන අතර Qualcomm සමාගමේ මේ නවතම Snapdragon 480 5G Chipset එක මගින් Smart Phone හා Tablets සදහා 5G Connectivity එක ලබා දිමට හැකියාව ලැබෙනවා. එනම් ආසන්නව 150$ පමණ අඩු මුදලකට මින් පසුව 5G Smart Phone එකක් මිලදි ගැනිමට හැකියාව ලැබෙනු ඇත.

Snapdragon 480 5G කියන්නේ 8nm Octa Core Processor එකකින් සමන්විත Chipset එකක්. ඒ වගේම මෙය Qualcomm Snapdragon 4 Series එ⁣කේ පවතින Power Efficiency හා Power Management අතින් ඉහළින්ම සිටින Chipset එකත් වෙනවා.

මේ Chipset එකේ Processor එක Snapdragon X51 5G Modem එකකින් සමන්විත වෙන අතර ඒ මගින් Sub-6Ghz හා mmWave Networks SA හා NSA කියන Modes දෙක සදහාම ලබා දිමට සමත් වෙනවා. මිට අමතරව Wi-Fi 6-Ready හා WPA3 Security Protocols සදහාද සහය දක්වනවා.

මේ Chipset එක සතුව Spectra 345 Image Signal Processor එකක් පවතින අතර මේ මගින් 64MP පමණ Single Camera Setup එකක් සදහා සහය දක්වනවා. ඒ වගේම මේ සදහා අවශ්‍ය පරිදි Triple Camera Setup එකක් යොදා ගැනිමටත් හැකියාව ලැබි තිබෙනවා. ඒ අනුව Wide, Ultrawide හා Telephoto Camera Lens මේ Chipset එක සමග එන Smart Phoneවලින් බලාපොරොත්තු විය හැකියි. මෙය HEIF Photo Capture කිරිම සදහා මෙන්ම HEVC Video Capture කිරිම සදහාත් සහය දක්වනවා.

එමෙන්ම 120Hz Display Refresh Rate එකක් සහිත FHD+ Display එකක් මෙන්ම Qualcomm aptX Audio මගින් මේ Chipset එක පවතින Smart Phone මගින් Smooth Gaming & Great Audio Experience එකක් ලබා ගැනිමට හැකි වෙන බව නිසකයි. Charging Technology එක පිළිබඳ සලකා බැලිමේදි මේ Chipset එක මගින් Quick Charge 4+ සදහා සහය ලබා දෙනවා.

Snapdragon 480 5G Chipset එක සහිත Smart Phone අපිට මේ වසර මුලදි බලාපොරොත්තු විය හැකි අතර Nokia, Oppo, Oneplus සමාගම් මේ සදහා ප්‍රමුඛත්වය ගනු ඇත.

Source : Qualcomm, Gizmochina