Loading...
ශ්‍රී ලංකාවේ පළමු සජීවි දුම්රිය සිතියම් විශේෂාංගය RDMNS විසින් එලිදක්ව​යි

ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවි සහ සවිස්තරාත්මක දුම්රිය කාලසටහන මෙන්ම තවත් දුම්රිය මගීන්ට වැදගත් පහසුකම් රැසකින් සපිරි RDMNS.LK App එක පිළිබඳව මේ වන විට නොදන්නා කෙනෙක් නොමැති බව නිසකයි.

ඊයේ දිනයේදී මේ App එක සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට තවත් නව විශේෂාංගයක් ලබා දෙන්න කටයුතු කරනු ලැබුවා.

RDMNS Live Map Feature නමින් හඳුන්වා දුන් මේ නව විශේෂාංගය ඔස්සේ සමස්ථ ශ්‍රී ලංකාවේම දුම්රිය මාර්ග පද්ධතිය ආවරණය වන පරිදි සකස් කළ සජීවී දුම්රිය සිතියම පරික්ෂා කිරීමේ අවස්තාව ඔබට හිමි වනවා. එමෙන්ම මේ සඳහා දත්ත ලබා දෙන්නේ RDMNS සාමාජිකයන් වනවා.

මේ නව පහසුකම ඔස්සේ ඔබට,

  • සජීවී දුම්රිය තිබෙන ස්ථානය
  • දුම්රිය ස්ථාන අනුපිලිවෙල
  • අපේක්ෂිත ලගාවීමේ වෙලාව
  • මාර්ග අවහිරතා / සංඥා දෝෂ / පීලිපැනීම්

වැනි බොහෝ තොරතුරු පහසුවෙන් නිරීක්ෂණය කිරීමේ හැකියාව ඔබවෙත ලැබෙනවා.

පළමු අදියර ඊයේ දින (08/11) සිට එළිදැක්වු අතර මෙහි මතුවන ගැටළු පිළිබඳව admin@rdmns.lk ඊමේල් ලිපිනය ඔස්සේ ඔවුන්ව දැනුම්වත් කල හැකි වනවා.

මේ පිළිබඳව වැඩි විස්තර සඳහා RDMNS.LK Facebook පිටුව සහ සමුහය වෙත ඔබට සම්බන්ධ විය හැකියි.