Loading...
Redmi Note 10 ජංගම දුරකතන මාලාව මෙම වසරේ මාර්තු මස එලිදක්වන බව නිල වශයෙන් ප්‍රකාශ කරයි

Xiaomi සමාගම විසින් පසුගිය වසරේ නිකුත් කරපු Redmi Note 9 Series එක කියන්නේ විශාල වශයෙන් Smart Phone Market එක තුල ජනප්‍රිය වු Series එකක් විදිහට හදුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තවමත් ලංකාවේ වෙළදපොල තුල මේ Series එකේ අලෙවිය ඉහලින්ම සිදු වෙනවා.

මේ වන විට Xiaomi සමාගමේ India Managing Director and Global VP වෙන Manu Kumar Jain මහතා Redmi Note 10 Series එක පිළිබඳ නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඔහු විසින් පළ කරන ලද Twitter සටහනට අනුව Redmi Note 10 Series එක මාර්තු මාසයේදි එළිදැක්වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මොහු මේ බව ඔහුගේ නිල Twitter ගිණුම ඔස්සේ Teaser Video Clip එකක් සමගම පල කර තිබෙනවා. ඒ අනුව අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ Note 10 Series එක මගින් සුවිශේෂී Smooth Experience එකක් ලබා දෙනු ඇති බව. ඊට අමතරව High Refresh Rate එකකින් යුතු Display එකක් අඩංගු වනු ඇති බව මේ Teaser Video Clip එකට අනුව කියන්න පුළුවන්.

මේ Redmi Note 10 Series එකේ දි අපිට ප්‍රධාන වශයෙන් Devices දෙකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ Redmi Note 10 හා Note 10 Pro කියන Devices දෙකයි. දැනට තියෙන තොරතුරුවලට අනුව Note 10 Device එක 4G Connectivity එක සමගිනුත් Note 10 Pro Device එක 5G Connectivity එක සමගිනුත් වෙළදපොලට නිකුත් කරන්න ඉඩකඩ පවතිනවා.

Note 10 Device එක 4GB හෝ 6GB ලෙස RAM Options දෙකකින් 64GB Internal Storage එකක් සහිතව White, Green හා Gray කියන Coloursවලින් එළිදක්වෙන බවටයි තොරතුරු වාර්තා වෙන්නේ. Note 10 Pro Device එක 6GB හෝ 8GB RAM Options දෙකකින් යුතුව 64GB හෝ 128GB කියන Internal Storage Options දෙකෙන් යුතුව Bronze, Blue හා Gray කියන Colors වලින් එළිදැක්වෙනු ඇතැයි ද බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මාර්තු මාසයේදි නිකුත් විමට නියමිත මේ Redmi Note 10 Series එක පිළිබඳ ඉදිරි දිනවලදි තවත් නිල තොරතුරු පළවනු ඇත.

Source : Gizmochina