Loading...
ලංකාවට අළුතින්ම හදුන්වාදුන් Redmi Note 11

මේ වෙන විට ජංගම දුරකථන නිපදවන සමාගම් අතර පෙරළිකාරම මෙන්ම ලොව අංක එකේ ජංගම දුරකථන සමාගමක් වෙන Xiaomi සමාගමේ Redmi Note Series එක කියන්නේ ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වු Midrange Smart Phone Series එකක් ලෙස හදුන්වා දෙන්න පුළුවන්. පසුගිය වසර මාර්තු මාසයේදි Redmi Note 10 Series එක හදුන්වා දුන් අතර එය ශ්‍රී ලංකාව තුල අතිශය ජනප්‍රියත්වයට පත් වුවා.

Redmi Note Lineup එකේ මිලග Smart Phone එක ලෙස Xiaomi සමාගම විසින් පසුගිය දිනක Redmi Note 11 දුරකථන වෙළෙඳපොළට නිකුත් කරන්නට කටයුතු කරනු ලැබුවා.

Design & Display

Redmi Note 11 ජංගම දුරකථනයත් සමගින් Flat Frame Design එක Note Series එක සදහාත් ලබා දීමට Xiaomi සමාගම කටයුතු කර තිබෙනවා. ඒ වගේම මීට පෙර නිකුත් වුණ Redmi Note 10 හි Design එකෙන් Inspired වු මෙහි Thickness එක 8.09mm පමණ වෙන අතර බර 179g වෙනවා. මේ ජංගම දුරකථනය Graphite Gray, Twilight Blue සහ Star Blue යන වර්ණවලින් වෙළෙඳපොළට නිකුත් කරන්නත් Xiaomi සමාගම කටයුතු කර තිබෙනවා.

ජංගම දුරකථනයක කැපි පෙනෙන අංගයක් ලෙස Display එක හදුන්වා දෙන්න පුලුවන්. මේ Device එක සදහා Xiaomi සමාගම විසින් අගල් 6.43ක  Full HD+ AMOLED DotDisplay එකක් ලබා දී තිබෙනවා.

මීට අමතරව මෙම ජංගම දුරකථනය 90Hz Display Refresh Rate එකකින් යුතු වන අතරම 180Hz Touch Sampling Rate එකකින් ද යුතු වෙනවා. මේ ජංගම දුරකථනයට 1000 nitsක උපරිම දිප්තීමත් බවක් ලබා දිමේ හැකියාවක් තිබෙනවා. එමෙන්ම Sunlight Display පහසුකම මගින් ඉතා දීප්තිමත් හිරැ එළියට ඇති අවස්ථාවකදී වුවද Display එක හොදින් බලා ගැනිමේ හැකියාව ලැබෙනවා.

එමෙන්ම Reading mode 3.0 පහසුකම හරහා ජංගම දුරකථනයෙන් පොතක් ආදිය කියවන විට ඇත්තටම පොතක් කියනවනවාක් මෙන් හැඟෙන ආකාරයට තිරය සකස් කර ඇසට පහසු බවක් ලබා දෙනු ලබනවා. එම අත්දැකිම කෙසේද යත්, මුද්‍රිත පොතක් කියවන විට ලැබෙන අත්දැකීමම, මෙම පහසුකම මගින් ලබා දීමට Xiaomi සමාගම කටයුතු කර තිබෙනවා.

මෙම තිරය ගැන තවත් වැඩි විස්තර කතා කරනවා නම්, මෙම තිරයේ Resolution එක ලෙස ඔවුන් ලබා දී තිබෙන්නේ 2400px x 1080px Resolution එකකින් යුතු තිරයකුයි. එහි Contrast Ratio අගය 4,500,000:1 අගයක් ගනු ලබනවා.

Processor & Storage

ජංගම දුරකථනයක් මිලදි ගැනිමේදි වර්තමානයේ දී සලකා බලන ප්‍රධානතම සාධකය ලෙස එම ජංගම දුරකථනයේ Processor එක, RAM ධාරතාව සහ Storage ප්‍රමාණය දක්වන්න පුලුවන්.

Redmi Note 11 ජංගම දුරකථනය සදහා Xiaomi සමාගම විසින් යොදාගෙන තිබෙන්නේ මේ වෙන විට වෙළෙඳපොළ සිටින සාර්ථකම Processors නිෂ්පාදකයෙකු ලෙස සැලකෙන Qualcomm Snapdragon සමාගමේ Snapdragon® 680 Processor එකයි. මෙය Octa-core CPU එකක් වෙන අතර  2.4GHz අගයක Clock Speed එකක් ලබා දෙනු ලබනවා. මෙහි GPU එක Qualcomm® Adreno™ 610 GPU එක වෙනවා.

මේ 6nm Snapdragon® 680 Processor එක මගින් මේ ජංගම දුරකථනයේ Battery Life එක වැඩි කරමින් අවශ්‍ය පරිදි High Performance ලබා ගැනීමට අවස්ථාව සලසා දෙනවා. එමෙන්ම මේ ජංගම දුරකථනයේ Power Efficiency එක 20% කින් පමණ වැඩි වි තිබෙනවා.

මෙම ජංගම දුරකථනය RAM ධාරිතාවයන් දෙකකින් සහ Storage ධාරිතාවයන් දෙකකින් යුතුව මාදිලි තුනකින් මිලදි ගැනිමේ හැකියාව ලැබෙනවා.

  • 4GB+64GB
  • 4GB+128GB
  • 6GB+128GB

මේ ජංගම දුරකථනයේ තවත් විශේෂත්වයක් වන්නේ LPDDR4X මාදිලියේ RAM එකකින් සහ UFS2.2 තාක්ෂණයෙන් සමන්විත Internal Storage එකකින් යුතු වීමයි. මේ නිසා මෙම ජංගම දුරකථනය මගින් ඉතා වේගවත් Loading Speeds එකක් මෙන්ම, Writing Speed එකක් ලැබෙන අතර ඒ ඔස්සේ අපිට App Installation, File Cache Functions සහ Large-File Reading & Writing ආදියේ වේගවත් බවක් අපේක්ෂා කරන්න පුලුවන්.

මීට අමතරව Memory Extension පපහසුකම හරහා RAM ධාරිතාව තවත් 4GB, 6GB හෝ 8GB ප්‍රමාණයන්ගෙන් වැඩි කර ගැනිමේ හැකියාව ලැබි තිබෙනවා.

මීට අමතරව එක සිම්පතක් වෙනුවට microSDXC External Storage එකක් යොදා ගෙන Interal Storage එක 1TB දක්වා වැඩි කර ගැනිමේ හැකියාවත් තිබෙනවා.

Camera

වර්තමානයේ ජංගම දුරකථනයක් මගින් ඉහළින්ම අපේක්ෂා කරන ගුණාංගය වෙන්නේ ඉහළ ගුණාත්මකබාවයකින් යුතු ඡායාරූප ගැනිමේ හැකියාව සතු විමයි. මේ ජංගම දුරකථනයේ කැමරාවන් ප්‍රධාන වශයෙන් Rear සහ Front යනුවෙන් කොටස් දෙකකට බෙදෙනවා. අපි මුලින්ම බලමු Rear camera එකේ Specifications ගැන,

Xiaomi සමාගම විසින් මේ Redmi Note 11 ජංගම දුරකථනයේ Rear Camera Setup එක සදහා ඔවුන් 50MP Main Camera Lens එකක් සහිත Quad Camera Setup එකක් ලබා දි තිබෙනවා.

Main Camera Lens

50MP අගයකින් යුතු Camera එකක් Main Camera Lens එක ලෙස යොදා ගෙන ඇති අතර එහි Apature අගය f/1.8ක අගයක් ගනු ලබනවා. එමෙන්ම මේ 50MP Camera Lense එක Wide Camera Lense එකක් වෙනවා.

Ultrawide Camera Lens

Field of View එනම් දර්ශන කෝණය අංශක 118° ක් පමණ වෙන 8MPක Camera Lense එකක් මේ සදහා ලබා දි තිබෙනවා. මෙහි Apature අගය f/2.2ක අගයක් ගනු ලබනවා.

Macro Camera Lens

Macro ඡායාරූපකරණයට ඇති හැකියාව කියන්නේ ජංගම දුරකථනයක් මිලදි ගැනිමට සැලකිමේදි සැලකිය යුතු කරැණක් වි හමාරයි. මේ වෙන විට Mobile Photography තුල Macro Category එකට ඉහල ස්ථානයක් හිමිවි තිබෙනවා. ඒ වැඩි දෙනෙක් මේ වෙනකොට Mobile Phone භාවිතා කරමින් Macro Photography වෙත යොමු වී තිබිම නිසයි.

මේ ජංගම දුරකථනය සදහා Xiaomi සමාගම විසින් සුපුරුදු පරිදි Note Series එක සදහා ලබා දෙන 2MP Macro Camera Lens එක ලබා දී තිබෙනවා. මෙහි Apature අගය f/2.4 ගනු ලබන අතරම ඉතා හොඳ පරාසයක Macro ඡායාරූපයක් මේ Camera Lens එක හරහා ඡායාරූප ගත කිරිමේ හැකියාව ලැබෙනවා.

Depth Camera

මේ වෙන විට සෑම ජංගම දුරකථනයක් සදහාම මෙන්ම Portrait Photos ලබා ගැනිමේ හැකියාව ලබා දිමට කටයුතු කරමින් සිටින්නේ එම ඡායාරූප ලබා ගැනිම සදහා සදහා ලැබි තිබෙන ඉහළ කැමැත්ත නිසාවෙනි. මේ නිසාම Xiaomi සමාගමත් සුපුරුදු පරිදිම Redmi Note 11 ජංගම දුරකථනය සදහාත් Apature අගය f/2.4 වු 2MP Depth Camera Lense එක එක් කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ Quad Camera Setup එක සදහා AI Camera පහසුකම, Night Mode, Pro Photography, Slow Motion Video සහ Pro Time Lapse මෙන්ම තවත් පහසුකම් රැසක් ලබා දි තිබෙනවා.

ජංගම දුරකථනයක Camera Setup එක ගැන කතා කරද්දි වැදගත්ම අනෙක් Camera Setup එක විදිහට Front Camera Setup එක හදුන්වා දෙන්න පුලුවන්. Redmi Note 11 ජංගම දුරකථන සදහා 13MP Front Camera Lense එකක් ලබා දී තිබෙන අතර මෙහි Apature අගය f/2.4 අගයක් ගනු ලබනවා. මේ Camera Setup එක මගින් ඉතා හොද, ගුණාත්මක බාවයෙන් ඉහළ Selfie ඡායාරූපයක් ලබා ගැනිමේ හැකියාව ලැබෙනවා.

Photography වලට අමතරව ජංගම දුරකතනයක කැමරාව පිළිබඳව කතා කරනකොට බලන්න ඕනම, අතිශය වැදගත් දෙයක් තමයි Video Recording කියන්නේ.

Video Recording In Main Cameras:

මෙම කැමරාවට 1080p (1920x1080) | 30fps සහ 720p (1280x720) | 30fps ආදි පරාසයන්ගෙන් වීඩියෝකරණයෙහි යෙදීමේ හැකියාව සහිතයි.

Video Recording In Selfie Camera:

මෙම කැමරාව 1080p (1920x1080) | 30fps සහ 720p (1280x720) | 30fps යන පරාසයන්ගෙන් වීඩියෝකරණයෙහි යෙදීමේ හැකියාව සහිතයි.

Audio

මේ වෙද්දි ජංගම දුරකථනයක් මිලදි ගනිද්දි බොහෝ දෙනා සලකා බලන Stereo Audio පහසුකම මේ Redmi Note 11 ජංගම දුරකථනය ඔස්සේ ලබා දෙන්න Xiaomi සමාගම කටයුතු කරලා තිබෙනවා. ඒ Dual Stereo Speakers System එකක් හරහායි. එමෙන්ම මේ ජංගම දුරකථනය සතුව Hi-Res Audio certification එකත් සතු වෙනවා.

ජංගම දුරකථනවල Slim Design එකත් සමග ඉවත්ව යන Headphone Jack එක තවමත් මේ Redmi Note 11 ජංගම දුරකථනයත් සමග අපිට ලබා දෙන්න Xiaomi සමාගම කටයුතු කරලා තිබෙනවා. මේ මගින් අපිට වඩා හොද Audio Experience එකක් ලබා ගැනිමේ හැකියාව උදා වෙනවා.

Battery & Charging

දින දෙකක බැටරි ආයු කාලයක් සහිත 5000mAh Battery Capacity එකක් සහිත Non Removable ලිතියම් පොලිමර් Battery එකක් මේ ජංගම දුරකථනයට ලබා දී තිබෙනවා.

එමෙන්ම මේ සදහා Xiaomi සමාගමේ 33W Pro Fast Charging පහසුකම ලබා දී තිබෙන අතර ඔවුන්ගේ නව MMT Technology එක ඔස්සේ ආසන්නව පැයක කාලයක් තුල මෙම ජංගම දුරකථනය පුර්ණ ලෙස ආරෝපණය කර ගැනිමේ හැකියාව ලැබෙනවා. ඒත් එක්කම 33W USB Type C Charging Adapter එකත් මේ ජංගම දුරකථනය සමග නොමිලේ ලබා දිමට Xiaomi සමාගම අමතක කර නැ.

Operating System

Redmi Note 11 ජංගම දුරකථනය බලගැන්වෙන්නේ Android 11 OS එක සහ සුපුරුදු පරිදි Xiaomi සමාගමටම ආවේණික වු MIUI 13 Version එකෙන්.

Other Features

Redmi Note 11 ජංගම දුරකථනය හා ලබාදෙන අනෙකුත් Features පහත අයුරින් දක්වන්න පුලුවන්.

Sensors

Proximity sensor, Ambient light sensor, Accelerometer, Gyroscope, Electronic compass, සහ IR blaster කියන sensors මෙම ජංගම දුරකථනය සතු වෙනවා.

Security

Side Fingerprint Sensor සහ AI Face Unlock පහසුකම් ලබා දී තිබෙනවා.

Connectivity

Dual Sim 4G ජංගම දුරකථනයක් වෙන මෙය Bluetooth 5.0 මගින් සමන්විත වෙනවා.

Protection

ඒ වගේම මේ ජංගම දුරකථනය IP53 Dust & Splash Protection එකෙන් යුතු වෙන අතරම මෙහි Display එක Corning Gorilla Glass 3 Protection එකෙන් යුතු වෙනවා.

Package Contents

මෙම ජංගම දුරකථන මිලදී ගන්න යන අයෙකුට ලැබෙන පැකේජයේ ජංගම දුරකතනයට අමතරව පහත දෑ අඩංගු වනවා.

  • 33W Charging Adapter
  • USB Type-C Cable
  • SIM Eject Tool
  • Protective Case
  • Quick Start Guide
  • Warranty Card

Price

හැමදේම බැලුවටත් පස්සේ අපි ඊලඟට බලන සාධකය වන්නේ ජංගම දුරකතනයේ මිල. මේ මත තමයි බොහෝ දුරට අපි ජංගම දුරකතනය මිලදී ගන්නවාද නැද්ද යන්න තීරණය කරන්නේ. මොකද අපි ගෙවන මිලට සරිලන, සෑහීමකට පත්වෙන්න පුළුවන් පහසුකම් තියෙනවා නම් විතරයි අපි ඒ ජංගම දුරකතන​ය මිලදී ගන්නේ.

Redmi Note 11 දුරකතනයේ උපරිම සිල්ලර මිල ලෙස පහත අගයන් ගනු ලබනවා.

  1. 4GB+64GB at LKR 48,999
  2. 4GB+128GB at LKR 51,999
  3. 6GB+128GB at LKR 54,999

ඉහත මිල ගණන් Xiaomi සමාගමේ විසින් අප වෙත ලබා ​දී ඇති මිල ගණන් වන අතර ඒවා පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. අප විසින් අදාල මිල ගණන් පරික්ෂා කිරීමේදි දැක්වූ මිල ගණන් ඉහත දක්වා ඇත.

මේ ජංගම දුරකතනය මිලදී ගැනීමට බලාපොරොත්තුව සිටින කෙනෙක් ඉන්නව නම් මෙම සබැඳිය ඔස්සේ පිවීසීමෙන් දක්නට ලැබෙන වෙබ්පිටුවේ සඳහන් වන Xiaomi සමගමේ නිල වශයෙන් බලයලත් ශ්‍රී ලංකාවේ වෙළඳසැල් වලින් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා.

Image source: Xiaomi Website