Loading...
උපත්, මරණ හා විවාහ සහතික ගෙදරටම ගෙන්වා ගැනීමේ පහසුකම සපයන eBMD Online Portal නම් පහසුකමක් රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තුමේන්තුව විසින් හදුන්වාදෙයි

මේ වෙන විට පවතින ⁣Covid වසංගත තත්වයත් හමුවේ ජනතාවගේ දෛනික කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ හමුවේ යම්තාක් දුරට අඩාල වි පවතිනවා. එම නිසා උපත්, විවාහ හා මරණ සහතික පිටපත් මාර්ගත ක්‍රමයට (Online) ලබා දිම පසුගිය දා සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව විරකැටිය ප්‍රදේශිය ලේකම් කාර්යාලයේදි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සුහුරැකරණයේ තවත් සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින් ගරැ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව මින් ඉදිරියට ඔබට අවශ්‍ය උපත්, විවාහ හා මරණ සහතික පිටපත් Online ක්‍රමවේදයක් ඔස්සේ ලබා දිමට රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තුමේන්තුව කටයුතු කරු ලබනවා. ස්මාර්ට් ජංගම දුරකථනය හෝ පරිගණකය හරහා උප්පැන්න, විවාහ මෙන්ම මරණ සහතිකවල මුද්‍රිත පිටපත් ලියාපදිංචි තැපෑල හරහා ලබා ගැනිමේ හැකියාව මේ හරහා ජනතාව වෙත උදාවෙනවා.

උපත්, විවාහ හා මරණ සහතික පිටපත් Online ක්‍රමයට අයදුම් කිරිමේ ක්‍රමවේදය :

  1. මේ සදහා පළමුවෙන්ම ඔබ ස්මාර්ට් ජංගම දුරකථනය හෝ පරිගණකය හරහා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසිය යුතු වෙනවා.
  2. ප්‍රථමයෙන් ඔබට අවශ්‍ය භාෂාව තෝරා ගත යුතු අතර ඉන්පසු ඔබගේ ජංගම දුරකථන අංකය ඇතුළු මුලික විස්තර කිහිපයක් ලබා දි එම දුරකථන අංකයට ලැබෙන PIN අංකය මගින් දුරකථන අංකය තහවුරු කල යුතු වෙනවා.
  3. මීලගට ඔබට ලබා ගැනිමට අවශ්‍ය උපත්, විවාහ හා මරණ සහතික ආදියට ආදාල විස්තර ලබා දිය යුතු අතර එම සහතික ඔබගේ අවශ්‍යතාවය පරිදි Speed Post ක්‍රමවේදය හරහා ඉතා ඉක්මනින් නිවසටම හෝ ළගම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙන්වා ගැනිමේ හැකියාව ලබා දි තිබෙනවා.

මේ සේවාව සදහා සියලු ගෙවිම් කටයුතු Visa හෝ Master කාඩ්පත් මගින් සිදු කල යුතු වෙනවා.

රෙජිස්ටාර් ජෙනරාල්දෙ පාර්තුමේන්තුවේ නිළ වෙබ් අඩවියට අනුව මෙහි පළමු අදියරය ඔස්සේ මේ සේවාවන් ලබා දිම මේ වෙන විටත් ක්‍රියාත්මක වෙනවා.

Source: Register General Department