Loading...
Samsung සමාගම විසින් Galaxy A72 නම් තම ප්‍රථම කැමරා 5කින් යුක්ත ජංගම දුරකථනය නිකුත් කිරීමට සූදානම් වේ

Samsung ලා කැමරා හයක් තියෙන Galaxy Fold කියන Smartphone එක Release කර ඇති නමුත් දැන් Samsung සමාගම කැමරා පහක් සහිත Smartphone එකක් Release කිරීමට සූදානම් වෙනවලු. ඒක Samsung ලගේ Penta rear-camera setup එකක් තියෙන පළවෙනි Smartphone එක වන අතර ඒක Galaxy A72 කියලා හඳුන්වනවා.

Galaxy A71 එකේ අලුත් Version එකක් විදියට මේ Galaxy A72 කියන phone එක  එක mid-range mobile device එකක් වෙන අතර ලබන අවුරුද්දේ මුල් භාගයේදී වෙළඳපොලට පැමිණෙනු ඇතැයි Korean publication report එකක දැක්වෙනවා. කොහොම නමුත් මේ Smartphone එක 2020 දෙසැම්බර් අග හෝ 2021 ජනවාරි මුලදී හඳුන්වා දෙන්න පුළුවන්.

Penta-camera module එකේ Specifications ගැනත් Korean publication report එකේ සඳහන් කරලා තියෙනවා. ඒ report එකට අනුව 64MP Primary Camera එකක්, 12MP ultra-wide lens එකක්, 3x optical zoom සහිත 8MP telephoto lens එකක්, 5MP macro camera එකක් සහ 5MP depth sensor එකක් මේකේ අන්තර්ගත වෙනවා.
8MP telephoto lens එක OIS support එක ඇතිව පැමිණෙනවා. මේ Galaxy A72 එකේ 32MP Selfie Camera එකකද ඇතුළත් වන බව Korean publication report එකේ සඳහන් වෙනවා.

Samsungලගේ කලින් ආපු quad camera array එක එයාලගේ A Series (A9 2018) එකට දැම්මා වගේ නැවතත් මේ අලුත් Penta-camera setup එකට තියෙන ඉල්ලුම මොනවගේද බලන්න එයාලගේ mid range A Series එකේ මේ Galaxy A72 එකට අර අලුත් camera setup එක එවනවා. Galaxy A72 එක Samsungලගේ පළවෙනි penta-camera smartphone එක වුණත් ඒක එය ලොව පළමු අවස්ථාව නෙවෙයි. මොකද  Nokia 9 Pure View එක ලෝකේ පළවෙනි කැමරා පහේ Smartphone එක නිසා. ඒ වගේම තමයි අපි දැක්කා මේ අවුරුද්ද මුලදී Xiaomi ලා එයාලගේ පළවෙනි penta-camera smartphone වන Mi Note 10 එකත් release කරා.

Source: GSMArena, Thelec.kr (Korean)