Loading...
Samsung Galaxy M12 ජංගම දුරකතනයට 7,000mAh ධාරිතාවයෙන් යුතු බැටරියක් යෙදීමට සූදානම් වේ

Samsung සමාගම විසින් මේ වන විට Entry Level Smartphone නිෂ්පාදනය පිළිබඳවත් අවධානය යොමු කර ඇති බවට ඔවුන්ගේ M හා F Series Smartphone නිසා කියන්න පුළුවන්. ඒ අනුව මේ F Series එකේ M12 Device එකේ Back Panel එකේ Photos මේ වන විට නිකුත් වි තිබෙනවා.

මේ Photosවල දකින්න ලැබෙනවා Model Numbers වෙන M127F/ F127G Model Numberවලට අනුවත් මේ Back Panel එක මිලග F Series Smartphone එකක් විය හැකියි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මේ F12 Device එක M12 විදිහට Rebadge වෙන්නත් පුළුවන් කියල තොරතුරැ වාර්තා වෙනවා. මේ Rebadge විම සමාන්‍ය දෙයක් වෙන අතර මිට පෙර  M31 Device එකත් F41 විදිහට Rebadge වුණා. ඉතින් මේ නිසාම මේ Device එක F12 හෝ M12 ලෙස හදුන්වන්න ඉඩ තියෙනවා.

මේ Galaxy M12/F12 Devices සදහා යොදා ගන්නා Processor එක පිළිබඳව තොරතුරු තවම නිකුත් වි නැ. හැබැයි මේ M Series එක සදහා Snapdragon 450 Processor කලින් භාවිත වු නිසා මිලග Device එක සදහා Snapdragon 460 Processor එක යොදා ලනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මේ M12 Device එක Quad-camera Setup එකක් සමන්විත වෙනවා. Selfie Camera Setup එක Punch-hole Selfie Camera එකක් විදිහටත් බලාගන්න පුළුවන් වෙයි. ඒ වගේම මෙහිදි අපිට බොහෝ විට Side Mounted Fingerprint Sensor එකක් දකින්න පුළුවන් වෙයි. ඒ වගේම මේ Fingerprint Sensor එක Power Button එක සදහා ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මෙය අගල් 6.7ක LCD Display එකක් සමග බලාපොරොත්තු වෙන්න පුළුවන්. මිට අමතරව 7000mAh Battery එකක්, 3.5mm Headphone Jack එක හා USB-C port එකකුත් අපිට මේ Device එකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Sources : Sammobile, Beebom, 91mobiles