Loading...
5G සමඟින් එන Rugged Samsung දුරකතනය, Galaxy XCover6 Pro නුදුරේදීම වෙළඳපල​ට

5G සහාය ​ඇති පළමු Rugged Samsung Smartphone එක ලෙස Galaxy XCover6 Pro දුරකථනය ලබන ජූලි 13 වනදා Samsung සමාගම විසින් එළිදැක්වීමට නියමිතව තිබෙනවා. අද Android වැඩකාරයෝ අපි මේ ලිපියෙන් ඔබට ගෙන එන්නේ මේ XCover6 Pro Device එකේ මූලික තොරතුරු වලින් කිහිපයක්.

මේ XCover6 Pro Device එකේ display එක අඟල් 6.6ක LCD Display එකක් වන අතර එය Full HD resolution එකකින් සහ 120Hz Refresh rate එකකින්ද යුක්ත වනවා. මෙහි Touch Sensitive බව ඉතා වැඩි නිසා අත්වැසුම් හෝ තෙත් දෑතින් වුවද පහසුවෙන් පරිශීලනය කළ හැකි වන අතර මෙය නවතම Gorilla Glass Victus+ මඟින් ආරක්ෂා කර තිබෙනවා. XCover6 Pro Device එක IP68 water & Dust Resistance පහසුකමින් යුක්ත වන අතර මෙහි බර ආසන්න වශයෙන් 235g ක් පමණ වනවා.

XCover6 Pro 5G සහ Wi-Fi 6E තාක්ෂණයන් දෙකටම සහාය දක්වනවා. මෙය Snapdragon 778G Chipset එක සමඟින් බලගැන්වෙන අතර 6GB Ram එකකින් සහ 128GB Internal Storage එකකින් යුක්ත වනවා.

මෙයට 4,050mAh Battery එකක් ඇති අතර ඔබට ඕනෑම වෙලාවක බැටරිය මාරු කල හැකි සේ මෙහි Back Cover එක ඉවත් හැකි වීමත් විශේෂත්වයක්. මෙය 15W Fast Charging සදහා සහය දක්වන්න අතර මේ සඳහා අවශ්‍ය USB Type-C කේබලය පමණක් ඔබට Device එක සමඟින් හිමිවන අතර Charging Adapter එක වෙනම මිලදී ගත යුතු වනවා.

Camera Module එක දෙස බැලූ විට 50MP Main Camera එකකින් සහ 8MP Ultrawide Cam එකකින් යුතු Dual Camera Setup එකක් මේ device එකෙහි අන්තර්ගත වනවා. ඉදිරිපස කැමරාව දෙස බැලූ විට 13MP Cam එකක් ඇති අතර එය waterdrop ලෙසින් හඳුන්වන Notch එකක අඩංගු වනවා.

මෙහි නවතම Android 12 තුල OneUI ඇති අතර කැපී පෙනෙන විශේෂාංග ලෙස Speaker Boost Mode එක, Samsung DeX සඳහා සහාය දැක්වීම සහ දැනට අලුතින් පැමිණෙන බොහෝ devices වල නැති 3.5mm headphone port එක ඇතුලත් කර තිබීම දක්වන්නට පුළුවන්.

කෙසේ නමුත් Samsung සමාගම විසින් තවමත් මේ XCover6 Pro Device එකේ කිසිදු මිල ගණනක් ප්‍රකාශයට පත් කර නැහැ. යුරෝපය, ආසියාව සහ මැදපෙරදිග පුරා තෝරාගත් වෙළඳපලවල මෙම දුරකථනය ජූලි මාසයේ සිට ලබා ගත හැකි වනවා.

Sources: Samsung GSMArena