Loading...
File sharing සඳහා වන පොදු ක්‍රමවේදයක් වන Peer-to-Peer Transmission Alliance එක සඳහා Samsung සමාගම එකතු වේ

මේ වෙන විට Smartphone වෙළඳපොල තුල Smartphone Brand විශාල ප්‍රමාණයක් පවතින අතර ඒ ඒ Brands සදහාම විශේෂ වු විවිධ Features ඔවුන් හදුන්වා දි තිබෙනවා. ඒ අතර ඔවුන් විසින් එකම සමාගමට අයත් Smartphone අතර Files හුවමාරු කිරිමටත් විවිධ ක්‍රමයන් හදුන්වා දි තිබෙන අතර ඒවා විවිධ නම්වලින් හදුන්වනවා. ( Oppo Share, Samsung Quick Share,‌‌ Vivo easy share ) කෙසේ වෙතත් මේ ක්‍රමයන් මගින් එක් Smartphone Brand එකකින් තවත් Smartphone Brand එකක් අතර Files හුවමාරු කර ගැනිමට නොහැකි වෙනවා.

මේ ගැටලුවට විසදුමක් විදිහට චීන Smartphone නිෂ්පාදන සමාගම් විසින් Xiaomi, Oppo හා Vivo Smartphone Brand එකතු කරමින් Mutual Transmission Alliance (MTA) නම් Platform එකක් හදුන්වා දෙනවා. මේ මගින් Xiaomi, Oppo හෝ Vivo Devices අතර Files හුවමාරු කිරිමේ හැකියාව ලැබෙනවා.

මේ පිළිබඳව වාර්තා වෙන නවතම තොරතුරුවලට අනුව Samsung සමාගමත් මේ වෙන විට මේ Mutual Transmission Alliance (MTA) Platform එක සමග එකතු වි තිබෙනවා. එනම් ඉදිරියේ Samsung Smartphones මගින් මේ Mutual Transmission Alliance (MTA) Platform එක සහිත වෙනත් වෙනත් Smartphone Brand සමග Files හුවමාරු කිරිමේ හැකියාව ලැබෙනු ඇත.

Xiaomi, Oppo, Vivo හා Samsung සමාගම්වලට අමතරව මේ Platform එක සදහා ASUS, Black Shark, Hisense, MEIZU, OnePlus, Realme හා ZTE ආදි Smartphone Brand විශාල ප්‍රමාණයක් සහය දක්වනු ලබනවා.

ඒ Samsung සමාගම විසින් ඔවුන්ගේ Quick Share Feature එකත් සමග මේ Mutual Transmission Alliance (MTA) Platform එක එකාබද්ධ කරනු ඇති අතර Quick Share Feature එක මගින් විවිධ Smartphone Brand සමග Files හුවමාරු කිරිමේ හැකියාව මේ සමග ලැබෙනු ඇත. කෙසේ වෙතත් තවමත් මේ හැකියාව Samsung Smartphone සදහා ලබා දෙන දිනයක් පිළිබඳව තවමත් ප්‍රකාශයට පත් කර නොමැති වෙනවා.

Source : Gizmochina, Tech Radar