Loading...
Samsung සමාගම විසින් Galaxy A 53 5G ජංගම දුරකතනය නුදුරේදීම එළිදැක්වීමට සූදානම් ​වේ

Samsung සමාගමේ Galaxy A Series එක කියන්නේ වර්තමානය වෙන විට අතිශය ජනප්‍රියත්වයට පත් වි තිබෙන Smart Phones Series එකක් ලෙස හදුන්වා දෙන්න පුලුවන්. ඔවුන් විසින් 2014 වසරේදි Galaxy A Series එක නැවත Relaunch කරන්න කටයුතු කරන අතර මේ Series එක ඔස්සේ වැඩිපුරම සාර්ථකත්වයට පත් වු Devices ලෙස 2019 දී නිකුත් වුණ Galaxy A50 Device එකත්, ඉන් පසු 2020 වසරේදි නිකුත් වුණ Galaxy A51 Device එකත්, පසුගිය වසරේදි නිකුත් වුණ Galaxy A52 4G හා 5G Devices දෙකත් හදුන්වා දෙන්න පුලුවන්.

මේ අතරින් පසුගිය වසර නිකුත් වුණ Galaxy A52 4G හා 5G Devices පෙර Galaxy A Series Devices වල Design එකෙන් වෙනස් වෙමින් නව Design එකකින් හදුන්වා දිමට Samsung සමාගම විසින් කටයුතු කළ අතරම, ඒ සදහා Mid Range Devices එකකට ලබා දිය හැකි හොදම Features කිහිපයක්ද හදුන්වා දෙනු ලැබුවා.

2022 වසර සදහා නියමිත Galaxy A Mid Range Devices අතරින් Samsung පාරිභෝගිකයන් අතර මේ වෙන විටත් අතිශය ජනප්‍රියත්වයට පත් වි තිබෙන Galaxy A52 හි ඉදිරි සමාජිකයා ලෙස Galaxy A53 5G Device එක නිකුත් කිරිමට Samsung සමාගම විසින් මේ වෙන විටත් සුදානමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව මේ Galaxy A53 5G Device එක බොහෝ විට Galaxy A52 හි Design එකෙන්ම යුතු වෙනු ඇති අතර මෙය Samsung සමාගම විසින් ඉදිරියේදි හදුන්වා දිමට නියමිත Exynos 1200 නම් Chipset එකකින් බලගැන්වෙනු ඇති බවටයි තොරතුරු වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් Samsung පාරිභෝගිකයන් රැසක් බලාපොරොත්තු වෙන Snapdragon Chipset එකක් සමග පැමිණෙන Version එකක් පිළිබඳව නම් තවමත් කිසිදු තොරතුරක් වාර්තා වි නොමැති වෙනවා. ඒ වගේම 6GB හෝ 8GB RAM Versions සහිතව 128GB Storage Capacity එකකින් මෙය වෙළෙඳපොළට නිකුත් වෙනු ඇත.

අගල් 6.5ක 120Hz Display Refresh Rate එකකින් සමන්විත AMOLED Display එකකින් මෙය සමන්විත වෙනු ඇති අතරම Galaxy A52 Device එකේ මෙන්ම 64MP Main Camera Lens එක සමග 12MP Ultrawide Lens එකක් හා 5MP බැගින් වු Depth හා Macro Camera Lensesවලින් සමන්විත Quad Camera Setup එකකින් යුතු වෙනු ඇත. ඒ වගේම Selfie Camera එක සදහා 32MP Camera එකක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

පෙර වසර නිකුත් වුණ Galaxy A52හි Battery Capacity එකට වඩා 500mAh ප්‍රමාණයකින් මේ නව Galaxy A53 5G Smart Phone එකේ Battery Capacity එක වැඩි කර 5000mAh පමණ Battery එකක් ලබා දෙනු ඇති අතරම සුපුරුදු පරිදි 25W Fast Charging පහසුකමත් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

තවමත් මේ Galaxy A53 5G Smart Phone එක පිළිබඳ නිල වශයෙන් කිසිදු තොරතුරු වාර්තා නොවුවත් ඉදිරි මාසවලදී මේ පිළිබඳ තවත් තොරතුරු ඔබ වෙත ගෙන ඒමට හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Sources: Android Authority, Win Future