Loading...
නිකුත් වීමට නියමිත iPhone Fold අනුකරණය කරමින් Samsung වෙතින් නව Foldable Smartphone එකක් !?

Smartphone ලෝකයේ ප්‍රධානතම ප්‍රතිවාදීන් වන Apple සහ Samsung අතර නවතම තරඟයක් ආරම්භ වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා. ඒ Apple සමාගම විසින් ඉදිරියෙදි එළිදැක්වීමට නියමිත, ඔවුන්ගේ පළමු Foldable iPhone එකේ Design එකයි.

Apple සමාගම ලබන වසරේදී තම නවතම iPhone 18 Series එක සමඟ ඔවුන්ගේ පළමු Foldable iPhone Series එක එළිදැක්වීමට නියමිත බව වාර්තා වනවා. ඒ අනුව Apple සමාගම විසින් iPhone Fold එකද Samsung හි Foldable මාදිලි මෙන් Book-type Foldable මාදිලියක් වුවද, එහි Aspect Ratio අගය වෙනස් කර ඉතා User Friendly ආකාරයේ Design එකකින් යුතුව නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

ඒ අනුව මේ iPhone Fold එක Samsung Galaxy Z Fold 7 ට වඩා පළලින් වැඩි සහ උසින් අඩු වනු ඇතැයි අපේක්ෂා කරන්න පුලුවන් අතරම මේ වෙනස නිසා ප්‍රධාන වශයෙන්ම එහි Tablet Experience එක වැඩිදියුණු වනු ඇත. දිග හැරීමේදී, එය සෘජුකෝණාස්‍රාකාර ස්මාර්ට්ෆෝන් එකක් මෙන් නොව iPad එකක් මෙන් පෙනෙනු ඇති අතර නැමූ විට පවා iPhone Fold එක තනි අතින් භාවිත කිරීමට වඩාත් පහසු වනු ඇතැයි විශ්වාස කරන්න පුලුවන්.

මීට අමතරව බොහෝ Foldable දුරකථනවල තිරය මැද ඇති වන Creasing Effect සැලකිය යුතු ලෙස ඉවත් කිරීමට හෝ අවම කිරීමට Apple සමත් වී ඇති බවට ද වාර්තා පළ වනවා.

Apple විසින් මෙම නව සැලසුම හඳුන්වා දීමට පෙර සිටම, Samsung සමාගම ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කරමින් සිටින බවට ඉඟි වාර්ත වූ අතර වාර්තා වන නවතම තොරතුරුවලට අනුව, Samsung සමාගම විසින් මෑතකදී සමීක්ෂණයකින් ඔස්සේ නව Foldable සංකල්පයක් ප්‍රදර්ශනය කර තිබෙන අතර මෙම නව සංකල්පීය දුරකථනය Galaxy Z Fold මාදිලියට වඩා පළලින් වැඩි සහ උසින් අඩු ය. නැමූ විට එය Squarer හැඩයක් ගන්නා අතර, දිග හැරූ විට iPad Mini එකකට සමාන Tablet අත්දැකීමක් ලබා දෙනවා.

Samsung විසින් මෙම Foldable සංකල්පය 2026 වසරේදී එළිදැක්වීමට නියමිත නව රහස්‍ය Foldable මාදිලියක් හෝ Galaxy Z Fold 8 Fan Edition මාදිලියක් ලෙස ඉදිරිපත් කිරීමට ඉඩ ඇතැයි අනුමාන කරන අතර Samsung හි අරමුණ වී ඇත්තේ, iPhone Fold පැමිණීමට පෙරම Apple හි සැලසුම් වාසිය අභිබවා යෑමයි. තවද, Samsung Display යනු Foldable iPhone සඳහා තිර සපයන එකම සැපයුම්කරු බවට කටකතා පැතිරෙන බැවින්, Samsung හට Apple හි තිර සැලසුම් පිළිබඳව යම් දැනුමක් තිබීමට ඉඩ තිබේ.

Image Source - sammyguru.com

ඒ අනුව 2026 වසරේදී Foldable දුරකථන වෙළඳපොළ තුළ දැවැන්ත තරඟයක් ඇති වන බවට මෙම සියලු තොරතුරු ඉඟි පළ කරනවා.

Source: www.bgr.com sammyguru.com