Loading...
Samsung සමාගම විසින් Global Galaxy S23 Devices සදහා Snapdragons Chipset ලබා දෙනු ඇතැයි තොරතුරු වාර්තා වේ

පසුගිය වසර එළිදැක්වුණ Samsung Galaxy S22 Series එකත් සමග ලංකාවේ මෙන්න ලෝකයේ බොහෝ දෙනාට තිබුණ ප්‍රධාන ගැටලුව වුයේ මෙම දුරකථනය Snapdragons 8 Gen 1 Chipset එක සමග එම Devices නිකුත් වන කළාපයන් මොනාව ද යන්නයි. Android වැඩකාරයෝ අපත් සමග නිරතුරුව රැදි සිටින ඔබට මතක ඇත Galaxy S22 Series එක එළිදැක්විම පිළිබඳ අප තොරතුරු වාර්තා කළ අවස්ථාවේදී ද ඔබ විසින් ශ්‍රී ලංකාව සදහා Snapdragons 8 Gen 1 Chipset එක ලැබේ ද යන්න විමසා සිටියා. එහිදී ද සියලු දෙනා බලාපොරොත්තු වු ආකාරයට ශ්‍රී ලංකාව සදහාත් Snapdragons 8 Gen 1 Chipset එක සහිත Galaxy S22 Series Devices ලබා දෙනු ලැබු බවත් ඔබට මතක ඇති.

පෙබරවාරි පළමු වැනි දින නිකුත් වීමට නියමිත Galaxy S23 Series එකේ Global Models සදහා Snapdragons 8 Gen 2 Chipset එක ලබා දීම සදහා Samsung සමාගම සුදානමින් සිටින බවට තොරතුරු මේ වන විට අන්තර්ජාලය තුළ වාර්තා වනවා.

Image - Qualcomm

කෙසේ වෙතත් මෙලෙස Samsung සමාගම විසින් ඔවුන්ගේ Galaxy S23 Series එකේ Model සියල්ලටම Snapdragons 8 Gen 2 Chipset එක ලබා දිම සදහා කටයුතු කරමින් සිටින්නේ ඔවුන් විසින් නව Exynos Chipset එකේ Development කටයුතු තවමත් අවසන් කර නොමැති නිසා බව දක්වන්න පුලුවන්. ඒ අනුව ඔවුන් විසින් Google සමාගමේ Pixel 6 Series එක සදහා ලබා දුන් Google Tensor Chipset එකට සමාන ආකාරයේ Exynos Chipset එකක් අනාගත Galaxy Flagship Devices සදහා Samsung සමාගම විසින් භාවිත කරනු ඇතැයි ද බලාපොරොත්තු වෙන්න පුලුවන්.

තවමත් මේ Exynos Chipset එක පිළිබඳ තොරතුරු නිශ්චිත ලෙස වාර්තා නොවන අතරම ඉදිරි Generation කිහිපයක් සදහාම ප්‍රධාන වශයෙන්ම Samsung සමාගම විසින් Snapdragons Chipset ඔවුන්ගේ නව Devices සදහා ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Sources: Android Authority