Loading...
Samsung සමාගම විසින් වසර 4ක් පුරාවට Android OS updates ලබාදීමට කටයුතු කර​යි

Android Smart Phones නිෂ්පාදකයින් අතර විශාලතම මෙන්ම ජනප්‍රියතම Android Smart Phones නිෂ්පාදකයා වෙන Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Smart Phones සමග වසර හතර කාලයක් සදහා Android OS Updates සහ වසර පහක කාලයක් සදහා Security Patches ලබා දීමට සුදානම් බව ඊයේ නිල වශයෙන් දැනුම් දෙනු ලැබුවා.

මීට පෙර ඔවුන් විසින් ඔවුන්ගේ Smart Phones සදහා වසර දෙකක හෝ තුනක කාලයක් සදහා Android OS Updates ලබා දුන් අතර පසුගිය වසරේදි Android Security Pathes ලබා දෙන කාලය වසර හතරක් දක්වා දිර්ඝ කිරිමටත් කටයුතු කරනු ලැබුවා.

ඒ අනුව ඊයේ දිනයේ එළිදැක්වීමට කටයුතු කරනු ලැබු Galaxy S22 Series හා Galaxy Tab S8 Series එකත් සමග මීට පෙර නිකුත් වුණ Galaxy S21 Series එක Galaxy Z Flip3 හා Galaxy Z Fold3 සදහා මෙලෙස වසර 04ක කාලයක් සදහා Android OS Updates මෙන්ම වසර 05ක කාලයක් සදහා Android Security Patches ද ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

ඒ අනුව Galaxy S22 Series එකට සහ Galaxy Tab S8 Series එක සදහා Android 12 Version එකේ සිට නිල වශයෙන් Android 16 Version එක දක්වා Android OS Update ලබා ගැනිමට හැකියාව ලැබෙනවා. එමෙන්ම මීට අමතරව Samsung සමාගම විසින් ඔවුන්ගේ Android Security Patches ලබා දෙන Monthly, Quarterly හෝ Biannually ආකාරයට සුදුසුකම් සපුරන Devices සදහා වසර 05ක් පුරාවටම Security Patches ලැබෙනු ඇත.

Source: Gizmochina, SamMobile