Loading...
The line: සෞදියේ ඉදිකිරීමට සූදානම් වන කිලෝමීටර 120ක් දිග ස්මාර්ට් නගර​ය

පසුගිය සතියේ ලොව පුරාම අවධානයට ලක් වුණ සෞදි අරාබියේ ඉදිකිරීමට නියමිත The Line නම් නවතම තාක්ෂණික නගරය ගැන ඔබ සමාජ මාධ්‍යයන්හි දකින්නට ඇති. මේ අනාගතයේ නගරය වන The Line පිළිබඳවයි.

පසුගිය වසරේදී සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන Mohammed bin Salman විසින් මේ The Line තාක්ෂණික නගරය පිළිබඳ පළමු වරට ලොවට හෙළි කරනු ලැබුවා. මෙම නගරය සරල රේඛාවක ආකාරයට කිසිදු මහාමාර්ගයක් නොමැතිව පුනර්ජනනීය බලශක්තියෙන් බලගැන්වෙන ආකාරයට ඉදිකිරීම පිළිබඳවයි එහි දි ඔහු විසින් දක්වා තිබුණේ. එමෙන්ම මේ නගරය කදු, වෙරළබඩ ප්‍රදේශ සහ කාන්තාර සමගින් වර්ෂය පුරාම ජිවිත් විමට හිතකර දේශගුණයක් සහිත ස්වාභාවික පරිසරයක් සමගිනුයි නිර්මාණය වෙන්නේ.

ඉන් අනතුරුව පසුගිය සතියේදී සෞදි රජය විසින් මේ නව තාක්ෂණික නගරය ඉදිකළ පසු බලාපොරොත්තු විය හැකි ආකාරයේ ඡායාරූප කිහිපයක් ප්‍රකාශයට පත් කිරිම සිදු කළා. මෙම නගරය මිටර් 200ක පළලක් සහ මිටර් 500ක උසකින් යුතුව කිලෝමීටර් 170ක දිගකින් යුතු වෙනවා. මෙය වෙරළ තිරයක් දිගේ දිවෙන සරල රේඛිය ආකාරයේ දර්පණ සහිත සමාන්තර ගොඩනැගිලි දෙකකින් යුතු වන අතර මෙහි ඉදිකිරීම් අවසානයේදී මිලියන 09ක පමණ පදිංචිකරුවන් ප්‍රමාණයක් සදහා නවාතැන් ගැනිමට හැකි වනු ඇත.

මෙය සැළසුම් කර ඇති ආකාරයට මිනිත්තු 05ක් ඇවිදිමෙන් නගරය දී ලබා ගැනිමට අවශ්‍ය සියලු පහසුකම් මෙහි පදිංචිකරුවන් ලබා ගැනිමට හැකි වනවා. එමෙන්ම මෙම නගරයේ එක කෙළවරක සිට අනෙක් කෙළවර මිනිත්තු 20කින් යාමය හැකි ආකාරයේ අධිවේගී දුම්රිය සේවාවක් ද මෙම නගරය සතු කිරිමයි මෙහි නිර්මාණය කරැවන්ගේ බලාපොරොත්තුව.

The Line ඩොලර් බිලියන 500ක පමණ Neom mega-city ව්‍යාපෘතියක් වෙන අතර මෙය එය Tabuk පළාතේ ඉදිකිරීමට නියමිතව තිබෙනවා. මෙහි පළමු අදියරය යටතේ කිලෝමීටර් 14ක ප්‍රමාණයක් 2030 වසරේදී අවසන් කිරිමට නියමිත අතර ව්‍යාපෘතිය වසර 2045 පමණ වන විට අවසන් කිරිමටයි යෝජිතව ඇත්තේ.

Sources: Engadget Neom.com AlJazeera