සාමාන්‍යයෙන් ලොව පුරා පවතින වනාන්තරය ප්‍රදේශයන්, කදු සහිත ප්‍රදේශයන් සහ සාගරය වැනි දුෂ්කර ප්‍රදේශවලදී දුරකථනය මගින් සන්නිවේදනය සිදු කිරිම ඉතා අපහසු වන අතර මේ සදහා Satellite Communicator එකක් ඔබ සතුව පැවතිම අත්‍යාවශ්‍ය වනවා. මේ සඳහා ප්‍රධාන හේතුව වී ඇත්තේ දුරකථන සේවා සපයන ආයතනවලට එම ප්‍රදේශයන් තුල තමන්ගේ දුරකථන සංඥා කුළුණු ස්ථාපනය කිරිමට ඇති බාධාවනුයි.
කෙසේ වෙතත් මේ ගැටලු සදහා සාර්ථක පිළියම් යම් යම් සමාගම්වලින් යෝජනා කරමින් මෙන්ම ක්‍රියාත්මක කරමින් සිටින අතර ඇමරිකානු දුරකථන සේවා සපයන ආයතනයක් වන T-Mobile සමාගම සහ SpaceX සමාගමේ Starlink අන්තර්ජාල සේවාව විසින් මේ සදහා සාර්ථක විසදුමක් ලෙස Starlink V2 නම් නව සේවාවක් හදුන්වා දී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ Starlink සන්නිවේදන චන්ද්‍රිකා යොදා ගනිමින් Smart Phones සහ Tesla Cars සදහා එම ප්‍රදේශයන්හිදී සන්නිවේදන පහසුකම් ලබා දිම සිදු වෙනවා.
Starlink V2, launching next year, will transmit direct to mobile phones, eliminating dead zones worldwide
— Elon Musk (@elonmusk) August 26, 2022
මෙම සමාගම් දෙක එක්වී ඇමරිකා එක්සත් ජනපදය තුල නව Network එකක් ගොඩනගනු ඇති අතර ඒ සදහා T-Mobile සමාගමේ දැනට පවතින mid-band spectrum යොදා ගනු ඇත. මෙලෙස දැනට භාවිතයේ පවතින spectrum එකක් මෙය සදහා භාවිත කිරිම තුලින් මේ නව network එක කිසිදු අමතර උපාංගයක සහයෙන් තොරව භාවිත කිරිමේ හැකියාව ලැබෙනවා.
මේ නව Network එක ඔස්සේ Death Valley එකේ සිට Great Smokey Mountains දක්වා සන්නිවේදන හැකියාව ලබා දිමට නියමිතයි. ඔවුන් දක්වන ආකාරයට මේ Network එක Text Message සහ Voice Calls ගැනිමට හැකියාව ලැබෙන අතරම 2Mbps - 4Mbps අතර අන්තර්ජාල වේගයක් ද ලබා ගැනිමට හැකි බවයි. කෙසේ වෙතත් ඔවුන් දක්වා තිබෙන්නේ මෙය ඇමතුම් සහ පණිවිඩ යැවිම සදහා පමණක් ප්‍රමාණවත් වෙනු ඇති බවයි.

ඒ අනුව ඉදිරි අනාගතයේ ලොව ඕනැම ස්ථානයකදී ඇමතුම් සහ පණිවිඩ යැවිමේ / ලබා ගැනිමේ හැකියාව අපට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.
Sources: Gizmochina