Loading...
සංවේදී අන්තර්ගතයන් පිළිබඳව දැනුම් දීමේ නව පහසුකමක් iOS 17 වෙ​ත

Apple සමාගම පසුගිය අප්‍රේල් මාසයේදී පමණ iPhones සඳහා Communication Safety නමින් නව විශේෂාංගක් හඳුන්වා දුන් අතර මේ ඔස්සේ Message හරහා ලැබෙන Nude Image සහ Video ආදිය එක වර නැරඹිමේ හැකියාව අවහිර කරනු ලබනවා. එනම් මේ විශේෂාංගය හරහා එවැනි ඡායාරූප නැරඹිමේ සහ බෙදා ගැනිමේ හැකියාව අවහිර කරනු ලබනවා.

කෙසේ වෙතත් මෙලෙස Message සඳහා හදුන්වා දුන් මේ විශේෂාංගයේ මුලික අරමුණ වුයේ ළමුන් අනවශ්‍ය නිරැවත් ඡායාරූප ආදිය නැරඹිම සහ හුවමාරු කර ගැනිම වැළැක්වීමයි.

ඊයේ දිනයේදී හදුන්වා දුන් iOS 17 සංස්කරණයත් සමඟ Message App එක සඳහා පමණක් සීමා නොවි අනෙක් Apps ද ඇතුළුව iPhones භාවිත කරන සියලුම පරිශීලකයන්ට මේ පහසුකම ලබා දීමට තිරණය කර තිබෙනවා. ඒ නව Sensitive Content Warning විශේෂාංගයත් සමඟයි.

Image Source - Engadget.com 

මොකක්ද මේ iOS 17 සමඟ හිමි වන වැඩි දියුණු කරන ලද Communication Safety විශේෂාංගය ?

iOS 17 සංස්කරණයත් සමඟ iPhones සඳහා හදුන්වා දුන් මේ විශේෂාංග ඔස්සේ සංවේදී / නිරුව​ත් ඡායාරූප හෝ විඩියෝ අපගේ iPhone එකට ලැබුණ විට, ඒවා අප දැකීමට පෙර ස්වයංක්‍රීයවම බොඳ (Blur) කිරීම සිදු වනවා.

Image Source - Androidauthority.com 

මෙම විශේෂාංග Messages app, Facetime messages, AirDrop, contact posters in the phone app සහ WhatsApp, Snapchat වැනි Third-party apps සඳහා ද ක්‍රියාත්මක වන බව ඔවුන් වැඩි දුරටත් දක්වා තිබෙනවා. ඒ වගේම මෙම විශේෂාංගය එම Device එක තුළම ක්‍රියාත්මක වන බැවින් Apple සමාගමට හෝ වෙනත් තෙවන පාර්ශවයකට මේ අන්තර්ගතයන් සඳහා ප්‍රවේශ විමේ හැකියාවක් නොමැති බවත් Apple සමාගම විසින් දක්වා තිබෙනවා.