Loading...
මිලියනයකට අධික WIFI Hotspot හරහා තම අන්තර්ජාල සබඳතාව භාවිතා කිරීමට හැකි SLTGO පහසුකම SLT ආයතනය විසින් හඳුන්වා දේ

මේ ගැන සරල හැදින්විමක් කරනවානම් මේ Feature එකෙන් අපේ නිවසේ තිබෙන Home Broadband Device එක Public WIFI Hotspot එකක් බවට පත්වෙන එකයි සිදු වෙන්නේ. ඒ වගේම මේ Slt පාරිභෝගිකයින්ට ඕනැම තැනක සිට තම Broadband Data Quote එකෙන්ම අයවන අකාරයට අන්තර්ජාලය වෙන සම්බන්ධ විමේ හැකියාව ලැබෙනවා. Slt සමාගම මිට පෙර සිට මේ Sltgo Feature එක ලබා දි තිබුණා. ඇත්තටම මේ Feature එක ගොඩක් වැදගත් වෙනවා.

Sltgo කියන්නේ මොකක්ද ?

‌‌ලොව විශාලතම WIFI Network එක වෙන FON සමග සම්බන්ධ වෙමිනුයි මේ Sltgo සේවාව Slt ආයතනය ගෙන එන්නේ. දේශිය මිලියනයකට අධිකව හා විදේශිය මිලියන 23කට අධික පවතින Sltgo WIFI Hotspot හා FON’s community Wi-Fi hotspot මගින් ලංකාව තුලදි මෙන්ම ලංකාවෙන් පිටදි ද Slt Broadband සේවාව ලබා ගැනිමට දැන් අවස්ථාව ලැබෙනවා. ඒ කියන්⁣නේ දැන් ඔබට යන යන තැන Slt Router එක අරන් යාමේ අවශ්‍යතාවක් නැ.

sltgo කියන්නේ ලංකාවේ විශාලතම WIFI Network එක කිවොත් නිවරදියි. ඔබ Slt Home Broadband පාරිභෝගිකයෙක් නම් ඔබේ Broadband Credentials භාවිතයෙන් මේ Sltgo WIFI Network එකට පිවිසිමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ඔබ කෙහෝ හරි යන විට Sltgo App එක මගින් ලගම ඇති Sltgo WIFI Hotspot එක වෙත ඔබව ස්වයංක්‍රීයවම සම්බන්ධ කරනවා.

මේක ආරක්ෂිතද?

‌‌ඔබගේ නිවසේ WIFI Signal හා මේ Sltgo / Fon Public Signal වෙනම පවතිනවා. ඒ කියන්නේ ඔබගේ පෞද්ගලික තොරතුරු හා දත්ත Public Usersලාගෙන් ආරක්ෂිත වෙනවා. සාමාන්‍ය Public WIFI Network වලදි මෙන්ම Sltgo WIFI Network එකත් Unencrypted, Open Network එකක් වෙනවා. එමෙන්ම Public WIFI Networkවලදි භාවිත වන Security Limitations මෙහිදිත් භාවිත වෙනවා.

කොහොමද Active කරන්නේ ?

‌‌ඔබ නව Slt Broadband සබධතාවක් ලබා ගැනිමට බලාපොරොත්තු වෙනවා නම්  ඔබගේ නව Slt Broadband Connection එකත් සමග මේ Sltgo සේවාව නොමිලේ ලබා දෙනවා. ඒ වගේම දැනට තිබෙන සමහර Broadband Devicesවල මේ වන විටත් මේ Sltgo Feature එක ලැබි තිබෙනවා. හැබැයි දැනට පවතින ගොඩක් Slt Broadband Devices මේ Sltgo Feature එක ලැබි නැ. ඔබට ඒය සක්‍රීය කර ගැනිමට 1212 ඇමතිමෙන් හැකියාව ලැබෙනවා. ඒ වගේම මෙතතින් Online ක්‍රමයට මේ Feature සක්‍රීය කර ගන්නත් පුලුවන්.‌‌ ඔවුන් මේ Feature එක පැය 24 තුල සක්‍රීය කර දිමට කටයුතු කරනවා. ඒ වගේම ඔබ Slt පාරිභෝගිකයෙක් නොවේ නම් ඔබට Slt WIFI Pass එකක් මිලදි ගැනිමෙන් Sltgo WIFI Network එකට සම්බන්ධ විමේ හැකියාව පවතිනවා.‌‌

මේ සේවාව අක්‍රිය කිරිමට අවශ්‍ය නම් 1212 ඇමතිමෙන් හෝ වෙබ්අඩවියට පිවිසිමෙන් එය සිදු කරගත හැකියි.

කොහොමද Sltgo WIFI Network එකට Connect වෙන්නේ ?

‌‌ඔබ ඔබගේ Device එකෙන් පළමුවතාවට Sltgo WIFI Network එක සමග Connect වෙනවා නම් ඒ අවස්ථාවේදි ඔබගේ User Name එක හා Password එක ඇතුලත් කල යුතු වෙනවා.‌‌

ඒ වගේම Sltgo App එක ඔබගේ Android හා iOS Download කර ගැනිමට පුළුවන්. මේ මගින් Automatically Sltgo WIFI Hotspot සමග සම්බන්ධ විමටත්, Sltgo WIFI Hotspot තිබෙන Location බැලිමේ හැකියාවත් පවතිනවා.

Internet Speed එක

‌‌Sltgo Public Hotspot මගින් 2Mbps දක්වා වේගයක් ලබා ගත හැකි වෙනවා. ඒ වගේම මෙය ඔබගේ Home Broadband එක මගින් ලබා ගන්න බැවින් ඔබගේ Internet Speed එකට බාධාවක් සිදු විය හැකි වුවත් ඔබගේ අන්තර්ජාල Speed එකෙන් 2Mbps ප්‍රමාණයක් මේ සදහා වෙන් විම තුලින් සැලකිය යුතු ගැටලුවක් ඇති නොවේ.

වැදගත්

‌‌Sltgo Feature එක එකම User Name එක යටතේ Devices දෙකක් දක්වා ලබා ගත හැකි වනවා. එමෙන්ම ඔබට Fon Network එක පවතින ඕනැම රටක සිට Sltgo Feature එක භාවිත කල හැකි වෙනවා. ඒ පිළිබඳව මෙතතින් බලන්න.

‌‌

Sltgo WIFI Network එකත් ඔබගේ නිවසේ ඇති WIFI Router එකෙන්ම සැපයෙන් නිසා එය ක්‍රියාත්මක නොවන අවස්ථාවලදි නිවසේ Sltgo WIFI Hotspot එක භාවිත කල නොහැකි වෙනවා. එමෙන්ම Sri Lanka Telecom ආයතනය දක්වන ආකාරයට ඔබගේ නිවසේ Router එක දින 14 ක්‍රියාත්මක නොවේ නම් ඔබට Sltgo Feature එක භාවිත කිරිමට අවස්ථාව නොලැබි යනවා. නැවත ඔබ Router එක සක්‍රීය කල විට ඔබට නැවතත් Sltgo Feature එක භාවිත කිරිමට හැකියාව ලැබෙනවා.

ඒ වගේම ඔබගේ User Name හෝ Password අමතක නම් මෙතතින් ලබා ගත හැකියි.

මීට අමතරව මෙම පහසුකම පිළිබඳව හඳුන්වාදීමේ වීඩියෝව හරහා ඔබට තවත් විස්තර දැනගත හැකිය.

Sources : Sltgo