Loading...
හොර පාරේ දුරකතන ආනයන ජාවාර​ම නිසා 2021දී ශ්‍රී ලං​කා රජයට විශා​ල බදු ආදායමක් අහිමිව ඇතැයි වාර්තා ​වේ

මීට පෙර කිහිප වතාවකදීම අප විසින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ඔවුන්ගේ අනුමැතිය නොමැතිව ශ්‍රී ලංකාවට ජංගම දුරකතන ආනයනය කිරීම හැකිතාක් අවම කරගැනීම සඳහා විදුලි සංදේශ නියාම කොමිසමේ ලියාපදිංචියකින් තොරව ශ්‍රී ලංකාව තුලදී ජංගම දුරකතන ජාලයට සම්බන්ධ කිරීම අවහිර කරමේ වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කල අතර එය 2020 වසරේ ඔකතෝමබර් පළමු වන දින සිට ක්‍රියාත්මක වන බවද එවකට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාම කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් ලෙස කටයුතු කල ඕෂධ මහතා විසින් නිවේදනය කරනු ලැබූ බවට තොරතුරු ගෙන ආවා.

මේ හමුවේ ශ්‍රී ලංකීය ජනතාව නිරතුරුවම TRCSL අනුමැතිය හිමි ජංගම දුරකතන පමණක් මිලදී ගැනීම සඳහා යොමු වූ අතර එලෙසින් ලියාපදිංචි නොවූ දුරකතන ලියාපදිංචි කර ගැනීම සිදු කර ගැනීමටද කටයුතු කරනු ලැබුවා. කෙසේ නමුත් ඕෂධ මහත්මා විසින් ගෙන ආ මේ වැඩපිළිවල නියමාකාරයෙන් ක්‍රියාත්ම නොවූ අතර පසුකාලීනව ඔහු තම ධුරයෙන් සමුගෙන නික්ම යාමත් සමඟින් වෙනදා TRCSL අනුමැතිය නොමැති ජංග​ම දුරකතන වලට පැමිණි TRCSL ලියාපදිංචිය නොමැති බව දැන්වෙන කෙටි පණිවුඩය පවා මේ වන විට බොහොමයකට ලැබෙන්නේ නැති බවද අපට වාර්තා වනවා.

එමෙන්ම මේ හරහා භාවිතා කරන ලද ජංගම දුරකථන ආනයනය කිරීම බෙහෙවින් අවම වී ගියේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාම කොමිසමේ අනුමැතිය එම බො​හෝ ආනයනයන් වලට හිමි නොවීමත් සමඟයි. ඒ නිසා ශ්‍රී ලංකාව තුළ භාවිතා කරන ලද ජංගම දුරකතන වෙළඳ පල බොහෝ සෙයින් අඩු වී ගිය අතර වර්තමානය වන විට එය එක්වරම ඉහල ගොස් ඇත්තේ ඉහත කී ක්‍රියාමාර්ගයන් සහ වැඩපිළිවෙල වල් ව​ල ක්‍රියාත්මක වීමේ ප්‍රමාද වීම හෝ ක්‍රියාත්මක නොවීම නිසයි.

මේ තත්වය යටතේ මේ වන වි​ට ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන වෙළඳපල විදේශයන්ගෙන් ආනයනය කල භාවිතා කරන ලද ජංගම දුරකතනයන්ගෙන් පිරී ඉතිරී යන අතර Google Pixel, Sony Xperia සහ Sony ජංගම දුරකතනයන් එ​හි ප්‍රධාන තැනක් ලබා ගන්නවා. මේවා විදේශයන්ගේ භාවිතා කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව ආනයනය කලත් ඒවා කොපමණ අළුත්වැඩියාවන් වලට ලක්වී ඇතිද, එම අළුත් වැඩියාවන් සඳහා භාවිතා කර ඇත්තේ නියමිත ප්‍රමිතියෙන් යුතු අමතර කොටස්ද, එම දුරකතනයන් මිනිස් ශරීරයට අහිතරකරද නොමැතිද යන්න පවා නියාමනය නොවන්නේ, ඒවා ආනයන කිරීමේදී නියමිත පරිදි ඒවා නිරීක්ෂණයට හෝ පරීක්ෂණයට ලක් නොවීම නිසයි.

ලියාපදිංචියකින් තොරව ජංගම දුරකතන ආයනයනය කිරීම ජාතික ආරක්ෂාවට ද බලපාන අත​ර, මෙම ජංගම දුරකථන සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ලබාගැනීමට හැකියාවක්ද නොලැබී යනවා. එබැවින් එය ශ්‍රී ලංකාවේ ආරක්ෂාවටද ඇතැම් විට බලපාන කරුණක් බවට පත්වී තිබෙනවා.

හොර පාරේ hand luggage වල සහ පාර්සල්වල බ​හා බහා ශ්‍රී ලංකාවට ජංගම දුරකතන ආනයනය කිරීමේ ජාවාරමේ​දී, එම ආනයන වටිනාකමට ගෙවිය යුතු බදු මුදල පවා ශ්‍රී ලංකා රජයට අහිමිවී යන අතර ඒ හරහා ශ්‍රී ලංකා රජයේ ආදායමට ලැබිය යුතු බදු ආදායමෙන් සැලකිය යුතු ප්‍රමාණයක බදු ආදායමක් අහිමිවී යන්නේ මේවා රේගු දෙපාර්තමේන්තුවට නිසි ලෙසින් වාර්තා නොවීම සහ නිරීක්ෂණය නොවීම නිසායි. මේ හේතුව නිසාම ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාම කොමිසමේ අනුමැති​ය නොමැතිව, නියමිත ආනයන බදු මුදල් නොගෙවා හොරපා​රේ රට තුලට ආනයන කල ජංගම දුරකතන නීත්‍යානූකූ​ල නොවන ආකාරයට, ශ්‍රී ලංකාවේ පවතින නීතියේ ඇස් වලට වැලි ගසා ආනයනිත ජංගම දුරකතනයන් සියල්ලම පාහේ නිසියාකාරව සැලකුවහොත් අයත් වන්​නේ හොර බඩු යන කාණ්ඩයට වේ. නීතියට අනුව සොර බඩු ලඟ තබා ගැනීම... 😉

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික තත්වය අනුව ඔබ, මම අප සියළු දෙනාම හොදින්ම දන්නා කාරණාවක් වන්නේ ශ්‍රී ලංකාව සතුව මේ ආකරයෙන් නිදහසේ භාණ්ඩ ආනයනය කිරීම සඳහා තරම් ප්‍රමාණවත් විදේශ මුදල් හෝ සංචිත නොමැති බවයි. මේ ආකාරයෙන් විශාල ලෙසින් හොරපාරේ ජංගම දුරකතන ආනයන කිරීම සඳහා මොවුන් භාවිතා කරනු ලබන්නේ, නීති විරෝධී උණ්ඩියල් ක්‍රමය වේ.

මේ පිළිබඳව පසුගිය 27 වන දිනයේදී ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන ආනයනකරුවන්ගේ එකමුතුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සමඟින් පැවැත්වූ සාකච්ඡාවකදී පැහැදිලි කර ඇත්තේ 2021 වර්ෂයේදී පමණ​ක් මෙම ආනායනය කිරීම් සඳහා උණ්ඩියල් ක්‍රමය භාවිතා කිරීම නිසා ශ්‍රී ලංකාවෙ​න් ඇමරිකානු ඩොලර් මිලියන 220ක මුදලක් රටට අහිමී ගොස් ඇති අතර, එම ආනයන සඳහා ගෙවිය යුදු බදු මුදල් නොගෙවීම නිසා ශ්‍රී ලංකා රජයේ බදු ආදායම​ට රුපියල් බිලියන 7.8ක් අහිමි වී ගොස් ඇති බව තක්සේරු කරන බවත් ය.

මේ හමුව අවසානයේදී රටේ බදු ආදායමටත්, ජාතික ආරක්ෂාවටත් බලපාන, නීති විරෝධී ආකාරයට ජංගම දුරකතන ආනයනය කිරීම් නතර කිරීමට අවශ්‍ය පියවර ගැනීමට විදුලි සංදේශ නියාමන කොමිසමට සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය​ට මෙම ගැටළුව ඉදිරිපත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කර ඇත.

Android වැඩකාරයෝ පාඨක ඔබ සැමගෙන්ම අප විසින් ඉල්ලා සිටින්නේ නිරතුරුවම TRCSL අනුමැතිය හිමි ජංගම දුරකතනයක්ම මිලදී ගන්නා ලෙසයි. ඔබ ගන්නා දුරකතනය TRCSL අනුමැතිය හිමි ලෙසින් සඳහන් වුවත් එය ඔබ විසින්ම තහවුරු කර ගැනීමද සිදු කල යුතු වන්නේ වෙළඳපලේ ඇති වංචාකාරී වෙළෙදුන් විසින් TRCSL අනුමැතිය ලබා දුන් බවට දන්වන ව්‍යාජ ස්ටිකර් අලවා තිබීම නිසයි.

ඔබ මිලදි ගන්නා Devices එක සදහා TRCSL අනුමැතිය තිබේදැයි දැන ගැනිම සදහා එම Device එකේ IMEI අංකය 1909ට SMS කිරිමෙන් දැන ගත හැකි වෙනවා. මේ සදහා *#06# Dial කර හෝ Device එකේ Box එකේ ඇති ඉලක්කම් 15 කින් යුත් IMEI අංකය සොයාගත හැකියි. ඉන් පසු IMEI<15digit IMEI number> ලෙස 1909ට SMS කිරිමෙන් ඒ Device එක නිල වශයෙන්ම අනුමැතිය ලත් Device එකක් දැයි දැනගත හැකි වෙනවා.

මේ ආකාරය​ට නීත්‍යානුකූල නොවන ආකාරයට ආනයන කර, ශ්‍රී ලංකාව තු​ල අලෙවි කල දුරකතනය​න් යම්හෙයකින් ඉදිරියේදී දුරකතන ජාලයන්ගෙන් අවහිර කලහොත් ඒවා නැවත සක්‍රීය කර ගැනීම සඳහා අදාල බදු මුදල් ගෙවා TRCSLහි අනුමැතිය ලබා ගැනීම පිළිබඳවද සාකච්ඡා වූ බව අභ්‍යන්තර ආරංචි මාර්ගයන්ගෙන් අපට තොරතුරු ලැබුනු අතර එය මෙතෙක් තහවුරු නොකල නිල නොල​ත් තොරතුරක් වන බව කරුණාවෙන් සලකන්න.

Sources: liveat8.lk www.dailymirror.lk