Loading...
TRCSL අනුමැතිය නැතුව ශ්‍රී ලංකාවට ගෙන්වන ජංගම දුරකථන වලට දුරකථන සංඥා ලබා දීම වලක්වමින් අද දින සිට (01.10.2020) නීති ක්‍රියාත්මක වේ

මීට පෙර මේ පිළිබඳව අප විසින් ඔබව දැනුවත් කරමින් පුවතක් ඔබ වෙත ගෙන ආවෙමු. එය මෙතනින් කියවන්න.

අද සිට ඔබ ලංකාව තුලදී SIM කාඩ්පත් භාවිත වන උපාංගයක් මිලදි ගැනිමට බලාපොරොත්තු වෙනවා නම් එය අනිවාර්යයෙන්ම TRCSL හි අනුමැතිය සහිත ලියාපදිංචි උපාංගයක් විය යුතු වෙනවා. මේ පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයා පවසා සිටියේ දැනටමත් SIM කාඩ්පතක් සමග භාවිත කරන TRCSL අනුමැතිය සහිත හෝ රහිත උපාංග සදහා මෙය අදාල නොවන බවයි.

එමෙන්ම අද සිට ශ්‍රී ලංකාවට ගෙන්වන හෝ මිලදි ගෙන රැගෙන එන Devices සියල්ල TRCSL හි ලියාපදිංචි කල යුතු වෙනවා. මෙය TRCSL වෙබ් අඩවිය හරහා සිදු කරගත හැකි බවත් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා තිබෙනවා. මෙලෙස TRCSL හි ලියාපදිංචි නොකරන Devices සදහා යොදන SIM කාඩ්පත් අදාල සේවා සපයන ආයතනය විසින්ම අවලංගු කිරිමට කටයුතු කරනු ඇත.

මිට පෙර විදුලි සංදේශ නියාම කොමිෂන් සභාව විසින් TRCSLහි අනුමැතිය ලත් Devices මිලදි ගැනිමට කටයුතු කරන මෙන් පාරිභෝගිකයාව දැනුවත් කරනු ලැබුවා. එමෙන්ම මෙලෙස මිලදි ගැනිමේ දි TRCSLහි අනුමැතිය ලත් අලෙවිකරැවන්ගෙන් මිලදි ගත යුතු වෙනවා. මෙම අලෙවිකරැවන්ට ඔවුන් TRCSL අනුමැතිය සහිත Devices අලෙවි කරන බව ඒ Device එක මත අලවන ලද TRCSL Approved Sticker එක මගින් ප්‍රදර්ශනය කල හැකියි. එමෙන්ම TRCSL හි අනුමැතිය ලත් Devices නැවත ලියාපදිංචි කිරිමේ අවශ්‍යතාවයක් නොමැති බවත් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා දක්වා තිබෙනවා.

ඔබ මිලදි ගන්නා Devices එක සදහා TRCSL අනුමැතිය තිබේදැයි දැන ගැනිම සදහා එම Device එකේ IMEI අංකය 1909ට SMS කිරිමෙන් දැන ගත හැකි වෙනවා. මේ සදහා *#06# Dial කර හෝ Device එකේ Box එකේ ඇති ඉලක්කම් 15 කින් යුත් IMEI අංකය සොයාගත හැකියි. ඉන් පසු IMEI<15digit IMEI number> ලෙස 1909ට SMS කිරිමෙන් ඒ Device එක නිල වශයෙන්ම අනුමැතිය ලත් Device එකක් දැයි දැනගත හැකි වෙනවා.

නවීකරණය කරන ලද (ව්‍යාජ) දුරකථන ශ්‍රී ලංකාවට විවිධ පුද්ගලයින් විසින් ගෙන්වන අතර මෙවැනි දුරකථනවල විකිරණ නිකුත් කිරිමේ හැකියාව ද ඉහල බැවින් මෙවැනි Devices හදුනා ගැනිමට මේ තුලින් අවස්ථාව ලැබෙන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වැඩිදුරටත් පැවසා තිබෙනවා.

TRCSL හි  ලියාපදිංචි  අලෙවිකරැවන්ගෙන් 95% පමණම කුඩා පරිමාණ අලෙවිකරැවන් වන අතර මේ සදහා ලියාපදිංචි විමට වාර්ෂිකව යම් මුදලක් ගෙවිය යුතු වෙනවා. එමෙන්ම මෙලෙස ජංගම දුරකථන ලියාපදිංචි කිරිමේදි කිසිදු බදු මුදලක් අය නොකරන බවති ඕනැම පුද්ගලයෙකුට TRCSL නිල වෙබ් අඩවිය (http://www.trc.gov.lk) හරහා තම Device එක ලියාපදිංචි කර ගැනිමට අවස්ථාව ලබා දි ඇති බවත් ඔහු දක්වා තිබෙනවා.

ඉදිරියේදි SIM කාඩ්පත් සමග ක්‍රියාත්මක වෙන TRCSL හි අනුමැතිය නොලත් Devices වලට දුරකථන සංඥා නිකුත් කිරීම SIM කාඩ්පත් එම සේවා සපයන්නා විසින්ම අක්‍රිය කල යුතු බව අදාල සේවා සපයන ආයතන වලට උපදෙස් සපයා ඇති අතර මෙය 2020 වර්ශයේ ඔක්තෝම්බර් 01 වන දින සිට ක්‍රියාත්මක වනු ඇත.

Sources : Dailymirror, Colombo Times