Loading...
Software Freedom Day '20 Sri Lanka සැප්තැම්බර් 18 වන දින පැවැත්වීමට සංවිධායකවරු කටයුතු කරයි

Software Freedom Day කිව්ව ගමන් ගොඩක් අයට හුරු නමක් නම් නෙවෙයි. ඒත් මුළු ලෝකය පුරාවටම සමරන දිනයක් තමයි Software Freedom Day කියන්නේ. පළවෙනි වතාවට Software Freedom Day එකක් ලෝකයේ පවත්වලා තියෙන්නේ 2004 අගෝස්තු 28 වෙනිදා. ඒ පැවැත්වුන පළවෙනි Software Freedom Day එකට කණ්ඩායම් 12ක් සහභාගි වෙලා තියෙනවා. මේ Software Freedom Day එක සංවිධානය කිරීමේ ප්‍රධාන අරමුණ තමයි, නිදහස් මෘදුකාංග සහ එහි ගුණධර්ම පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම සහ එහි භාවිතය දිරිගැන්වීම.

2006 වර්ෂයේ සිට Software Freedom Day එක සෑම වර්ෂයකම සැප්තැම්බර් මාසයේ තෙවන සෙනසුරාදාවේ පැවැත්වීමට කටයුතු කර ඇත. 2004දී ආරම්භ වූ Software Freedom Day එක මේ වන විට රටවල් විශාල ප්‍රමාණයක පවත්වන අතර මේ සඳහා විශාල පිරිසක් සහභාගී වීම සිදු කරනවා.

ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක වගේම ශ්‍රී ලංකාවේ Software Freedom Day එක පැවැත්වීම ආරම්භ වෙලා තියෙන්නේ 2016 වර්ශයේදී. මේ ආකාරයට 2016 ශ්‍රී ලංකාවේ මුල්වරට පැවතුන Software Freedom Day එකේදී ලබා ගත් ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

මෙවර ශ්‍රී ලංකාවේදී Software Freedom Day '20 එක සැප්තැම්බර් මාසයේ 18 වන සිකුරාදා දිනයේදී, NSBM Green University පරිශ්‍රයේදී පෙරවරු 10 සිට පස්වරු 4:30 දක්වා පැවැත්වීමට සංවිධායකවරු විසින් කටයුතු යොදා තියෙනවා.

ඔයාට මේ event එකට සහභාගී වෙන්න නම් මුලින්ම register වෙන්න වෙනවා. ඒකට ඔයාට පුළුවන් පල්ලෙහා ලින්ක් එකෙන් ගිහිං register වෙන්න. මේ ලිපිය පල කරනකොට නම් registrations open කරලා තිබ්බේ නෑ. කැමති අය නිතරම check කරල බලන්න registrations open කරල බලන්න. එදාට එන අයට Android වැඩකාරයෝ stickers නොමිලේ ලබාගන්න වැඩකටයුතු අපි සලස්වනවා.

Software Freedom Day '20 - Registrations

මෙවර Software Freedom Day '20හි සංවිධානය වන්නේ, FOSS Sri Lanka, Mora FOSS Community, SLIIT FOSS Community, Mozilla Campus Club - NSBM, IT Society ICBT Kandy, Mozilla Campus Club Uwa Wellassa University සහ FOSS Community - NSBMහි එකතුවෙනි.