Loading...
උඩු ගුවනේම විනාශ වුණ SpaceX Starship SN11

මාර්තු 30 වෙනිදා SpaceX විසින් තමන්ගේ අලුත්ම Starship ප්‍රොටොටයිප් එක වන SN11 අත්හදා බැලුවා. එහෙත් එහි හටගත් දෝෂයක් නිසා උඩු ගුවනේදීම එය විනාශ කර දමන්න SpaceX ට සිදු වුණා. මේ SN11 කතාව.

සඳ සහ අඟහරු වෙත මිනිසුන් රැගෙන යාමේ අරමුණින් SpaceX පටන් ගත්තු ප්‍රොජෙක්ට් එක තමයි Starship කියන්නේ.

Starship spacecraft එකයි Super Heavy rocket එකයි දෙකේම එකතුවකින් නිර්මාණය වෙන Starship එකේ පරීක්ෂණ කටයුතු අඛණ්ඩව කරගෙන යන්න SpaceX එක කටයුතු කරන්නේ Covid-19 වලින් මුළු ලෝකෙම අවුල් ජාලාවක් වෙලා තියෙන පසුබිමකයි.

Starship එක හදලා ඉවර වුනාම එය ලෝකයේ බලවත්ම ලෝන්ච් වෙහිකල් එක වේවි. Starship එකට අරන් යන්න පුළුවන් වෙනවලු මෙට්‍රික් ටොන් 100 ක්. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 100,000 ක්.

අවසාන Starship එක හැදෙන දවස තව අවුරුදු කීපයක් වුනත්, එකට දැන් ඉඳන්ම ලෑස්ති වෙන SpaceX එක 2012 ඉඳන් පරීක්ෂණ කටයුතු ආරම්භ කරත් පළමු ටෙස්ට් ෆ්ලයිට් එක සිදු කරන්නේ 2019 අප්‍රේල් 5 ටෙස්ට් කරන Starhopper එකත් එක්ක.  

ඒකේ අලුත්ම කතාව තමයි SN11 ටෙස්ට් එක. SN8, SN9 හා SN10 හි සාර්ථකත්වයත් එක්ක මූලික වෙනස්කම් කීපයක් සිදු කරමින් කිලෝමීටර 10 කට වඩා ගමනක් සිදු කරපු හතර වෙනි Starship ටෙස්ට් ෆ්ලයිට් එක විදියට මේක SpaceX ඉතිහාසයේ ලියවේවි.

Starship SN10 එක 2021 මාර්තු 04 ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව.04.44 ට ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ Boca Chica නගරයේ පිහිටි SpaceX Starbase එකේ ලෝන්ච් පෑඩ් එකකින් තම ගමන ආරම්භ කළා.

ද්‍රව මීතේන් ඉන්ධනය ලෙසත්, ද්‍රව ඔක්සිජන් ඔක්සිකාරකය ලෙසත් භාවිත වුණ රැප්ටර් එන්ජින් තුනක් තමයි මීටර් 50 ක් (අඩි 160 ක්) උස මේ SN11 ඉහළට ගෙනියන වැඩේ කලේ. මේ රැප්ටර් එන්ජින් එකක බලය බෝයින්ග් 747 ප්ලේන් එන්ජින් එකක් වගේ 6 ගුණයක් විතර වෙනවා. කිලෝමීටර 10 ක් ඉහලට යන ගමනේ මුලින්ම වුණේ මේ රැප්ටර් එන්ජින් වල ක්‍රියාකාරීත්වය පරීක්ෂා වුණ එක. එන්ජින් තුන එකින් එක කට්-ඕෆ් වෙවී සම්පූර්ණයෙන් එන්ජින් කට්-ඕෆ් එක වුණේ SN11 එක උපරිම උසට ළඟා වුනයින් පස්සෙයි.

මේ එන්ජින් ෂට්ඩවුන් වැඩේ පරණ Starship ටෙස්ට්ෆ්ලයිට්ස් බලපු නැති අය හිතුවේ එන්ජින් වල අවුලක් ආවා කියලයි.

එන්ජින් කට්-ඕෆ් එකත් එක්ක පෘථිවි ගුරුත්වය යටතේ නිදහසේ පහලට වැටෙන වැඩේ තමයි මේකේ ඊළඟ විශේෂ දේ වුණේ. Skydiving / Belly Flop වගේ නම්වලින් හඳුන්වපු මේ අවස්ථාව බලන් ඉන්න හරි අපූරු දෙයක් වුනා.

සාර්ථක Skydiving එකක් එක්ක නැවතත් ලෝන්ච් පෑඩ් එකට බස්සන්න හිතාගෙන නැවත එන්ජින් ඔන් කරද්දී තමයි පොඩි ප්‍රශ්නයක් ආවේ.

මෙච්චර වෙලා තිරස් අතට තිබ්බ Starship එක නැවත සිරස් අතට පත් කරන්නත්, ලෑන්ඩ් කරන්නත් රැප්ටර් එන්ජින් 3 ම නැවත ස්ටාර්ට් කරන්න ඕනේ. තිරස් අතට තිබ්බ Starship එක නැවත සිරස් අතට පත් කරද්දී ප්‍රධාන ඉන්ධන ටැංකි ඇතුලේ ඉන්ධන වල වෙන චලනය නිසා ඒවා පාවිච්චිය කරදරකාරී වැඩක් නිසා මේ වැඩේටම කියලා තව පොඩි ටැංකි දෙකක් Starship එක ඇතුළේ නිර්මාණය කරන්න SpaceX තීරණය කළා. ඒවාට කියන්නේ header tanks කියලා. ඒත් මේ වැඩේදී හිතුව තරම් ප්‍රෙෂර් එකකින් header tanks ඉඳන් ඉන්ධන ගලා යාමක් නොවුන නිසා Engine 2 එක හරියට වැඩ කරේ නැහැ.

ඒ වෙලාවෙම (ලිෆ්ට්ඕෆ් එකෙන් විනාඩි 5 තත්පර 49 කට පස්සේ) SpaceX ලයිව් ස්ට්‍රීම් එක නැවතුනත්, අනිත් ලයිව් ස්ට්‍රීම් වල අපි දැක්කා SN11 එකේ කෑලි බිමට වැටෙනවා. තාමත් හරියටම හේතුව නොකිව්වත්, ගොඩක් අය අනුමාන කරන්නේ SN11 ඕෆ්ට්‍රැක් වෙන්න පටන් ගත්තු නිසා SpaceX එක විසින්ම හිතාමතා SN11 එක පුපුරුවා හැරියා කියලා.

Boca Chica නගරයේ එවේලේ තිබ්බ දැඩි මීදුම් තත්වය නිසාම කාටවත් හරියට SN11 එකට වුණ දේ බලාගන්න නම් ලැබුනේ නැහැ.

Engine 2 එක උඩට යද්දිත් පොඩි අවුලක් තිබ්බ නිසා මේ සැරේ යන්න පුලුවන් වුනේ කිලෝමීටර 8 ක් වෙනකන් විතරයි කියලා පස්සේ SpaceX නිවේදනය කරා.