Loading...
ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 80කට වැඩි ප්‍රමාණයකට ඉදිරි දින කිහිපය තුල තම සේවාව පුළුල් කරන බව Spotify ආයතනය නිලවශයෙන් ප්‍රකාශ කරයි

කලක සිට කට කතා මාර්ගයෙන් පැතිරුණු තොරතුරු වලට අනුව ශ්‍රී ලංකාවට Spotify නිලවශයෙන් ලබා දෙන බව ආරංචි වු අතර නිල නොලත් ආරංචි මාර්ග හරහා ශ්‍රී ලංකාවේ දුරකතන සේවා සපයන ආයතනයක් මේ සඳහා ඍජුව මැදිහත් වී ඇති බවට සහ Spotify Sri Lanka නමින් Verified Facebook Page එකක් නිර්මාණය වී ඇති බව වාර්තා කිරීමත් සමඟ Android වැඩකාරයෝ අපි විසින් ශ්‍රී ලංකාවට නිල වශයෙන් Spotify සම්ප්‍රාප්ත වීම සනාථ කරමින් පිලිබඳව තොරතුරු ගෙන ආවා ඔබට මතක ඇති.

නිල නොවන ආරංචි මාර්ගයන්ගෙන් වාර්තා වූ ආකාරයට සහ එකවරම Facebookහි නිර්මාණය වූ Verified Facebook Page එක පිළිබඳව නිතරම අවධානයෙන් සිටි සියළුම දෙනාගේම බලාපොරොත්තු සඵල කරමින් ශ්‍රී ලංකාව ඇතුළුව ලෝකයේ තවත් රටවල් 85කට Spotify වෙතින් තම සේවා පුළුල් කිරීමට කටයුතු කරන බව Spotify විසින් ඊයේ පැවැත්වූ Stream On event එකේදී නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවා.

Spotify Newsroom එකේ සඳහන් වූ ආකාරයට අනුව ඔවුන් විසින් ආසියානු, අප්‍රිකානු, කැරිබියන් දූපත් ආශ්‍රිත, යුරෝපියානු සහ ලතින් ඇමරිකානු කලාපයන්ට අදාල වන රටවල් 85කට තම සේවාව පුළුල් කිරීමට සූදානම් වන අතර එහිදී ප්‍රකාශයට පත් කල රටවල අතර ශ්‍රී ලංකාවද සඳහන් විය. මේ හරහා මෙම කලාපයන්හි Spotify නිකුත් වන රටවල සිටින අයට Spotify වෙතින් Free සහ Premium යන ආකාර වලට එම සේවාව අත්විදීමේ හැකියාව ලබා දී තිබෙනවා.

Premium සේවාව පහත ආකාර 4ට ඔබට මිලදී ගත හැක.

  1. Individual
  2. Family
  3. Duo
  4. Student

මෙලෙසින් Spotify සේවාව නිල වශයෙන් නිකුත් වෙන රටවල් ලෙස පහත රටවල් Spotify ආයතනය විසින් නිල වශයෙන් ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

Angola, Antigua and Barbuda, Armenia, Azerbaijan, Bahamas, Bangladesh, Barbados, Belize, Benin, Bhutan, Botswana, Brunei Darussalam, Burkina Faso, Burundi, Cabo Verde, Cambodia, Cameroon, Chad, Comoros, Côte d’Ivoire, Curaçao, Djibouti, Dominica, Equatorial Guinea, Eswatini, Fiji, Gabon, Gambia, Georgia, Ghana, Grenada, Guinea, Guinea-Bissau, Guyana, Haiti, Jamaica, Kenya, Kiribati, Kyrgyzstan, Lao People’s Democratic Republic, Lesotho, Liberia, Macau, Madagascar, Malawi, Maldives, Mali, Marshall Islands, Mauritania, Mauritius, Micronesia, Mongolia, Mozambique, Namibia, Nauru, Nepal, Niger, Nigeria, Pakistan, Palau, Papua New Guinea, Rwanda, Samoa, San Marino, Sao Tome and Principe, Senegal, Seychelles, Sierra Leone, Solomon Islands, Sri Lanka, St. Kitts and Nevis, St. Lucia, St. Vincent and the Grenadines, Suriname, Tanzania, Timor-Leste, Togo, Tonga, Trinidad and Tobago, Tuvalu, Uganda, Uzbekistan, Vanuatu, Zambia, and Zimbabwe.

ශ්‍රී ලංකාව වෙත Spotify ලබා ගැනීමේදී Spotify ආයතනය සහ ලංකාවේ මුල් පෙලේ දුරකතන සේවා සපයන ආයතනයක් එක්ව Spotify premium සේවාව ලබා ගැනීමේදී ගෙවීම් කිරීමේ පහසුකමක් ලෙස Add to bill පහසුකම ලබා දී තිබෙන බව සහ එම දුරකතන සබඳතා භාවිතා කරන ශ්‍රී ලාංකිකයන් හට එම පහසුකම හරහාද ගෙවීම් කටයුතු සිදු කල හැකියාව පවතිනු ඇතැයි වාර්තා වනවා (Netflix පහසුකම ලබා ගන්නා ආකාරයටම). බොහෝ දුරට අද හෝ හෙට යන දෙදින තුලදී Spotify සේවාව ශ්‍රී ලාංකිකයන්ට අත්විඳිය හැකිවනු ඇත.

Source: Spotify Newsroom