Loading...
Spotify සේවාව ශ්‍රී ලංකාවට නිල වශයෙන් ලබා දීමට සූදානම් වන ලකුණු

අපි කවුරුත් කැමතියි සින්දු අහන්න. හැබැයි ඉතින් අපි සින්දු අහන විදිය එකිනෙකාට අනුව වෙනස් වෙන්න පුලුවන් . ඒ අතරින් Spotify කියන්නේ දැනට ලෝකේ පවතින Android, Windows, Linux, iOS, MacOS යන Computer හා Mobile OS වලට පවතින හොඳම Music App එක. ඒක අවිවාදයෙන් තොරව බොහෝ අය මේ වන විටත් පිලිගන්න දෙයක්. ඒ වගේම තවමත් Google Play Store මත හා Apple App Store එකෙහි Music Category එක යටතේ Rankings වල ලෝකේ #Number01 තියෙන Music App ඇප් එක.

ඉතින් මෙහෙම කියද්දි ඔයාලට හිතෙනවා ඇති මොකක්ද ඔය තරමට ඕකෙ තියෙන විශේෂත්වෙ කියලා. ඔව් ඒකට හේතු කිහිපයක් තියෙනවා මට දැනෙන පෞද්ගලික හැඟීම අනුව මූලිකම දේ තමයි සින්දුවක් හෝ සම්පූර්ණ ගීත ඇල්බමයක් ඩවුන්ලෝඩ් කරගැනීමේදී මෙහි තියෙන පහසුව සහ කාර්‍යක්ෂම බව. අනෙකුත් හේතුන් කිහිපය මම ඔයාලට විස්තර කරගෙන යද්දි එකින් එක තේරෙන්න ගනීවී.

ප්‍රතිශතයක් විදියට ගත්කල ලෝකේ Spotify වැඩි වශයෙන් පාවිච්චි කරන්නෙ iOS User ලා. ඒකට එක් හේතුවක් තමයි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙ වගේ Browser එකක් හරහා Directly Music Download කරගැනීමට iOS මෙහෙයුම් පද්ධතිය තුල ඇති නොහැකියාව. නමුත් මම එහෙම කිව්වට අදටත් ලෝකේ වැඩි වශයෙන් Spotify පාවිච්චි කරන්නෙ Android Users ලා. ඉතින් ඔයාලටම දැන් වැටහෙනවා ඇති ඇන්ඩ්‍රොයිඩ් Users ලත් මේ තරම් Spotify Use කරනව නම් ඒක කොච්චර Friendly ඇත්ද කියලා. හරි දැන් මම පියවරෙන් පියවර අදාල වැදගත්ම පොයින්ට්ස් වලට එන්නම්.

එතකොට මේ Spotify, FREE ඇප් එකක් ද? Paid ඇප් එකක් ද?

මේක FREE ඇප් එකක්. හැබැයි Trial Version එකක්. ඒ කියන්නෙ මම උඩ කියල තියෙන විදි දෙකෙන් මොන විදියකට ඔයාලා මේක FREE ඩවුන්ලෝඩ් කරගත්තත්, අදාල Trial එක ඉවර වෙනකම් විතරයි ඔයාලට FREE MUSIC ඩවුන්ලෝඩ් කරන්න / OFFLINE අහන්න පුලුවන්. ඉස්සරනම් Free trial එක දවස් 14ක් තිබුනා. ඒත් දැන්නම් දෙන්නෙ දවස් 7ක් විතරයි. ඒ කියන්නෙ ඔයාලා Spotify ඩවුන්ලෝඩ් කරගෙන දවස් 7ක් ගියාට පස්සේ ඔයා Download කරගත්ත Songs ඔයාට OFFLINE අහන්න බැරි වෙනවා. ඊට පස්සෙත් ඔයාට Spotify කලින් වගේම Use කරන්න හිතෙනව නම් ඔයාට සිද්ධවෙනවා මාසෙකට 9.99$ ක් ගෙවන්න.

ඒ උනත් අපිට ඩට කපන් ඔන්ලයින් ස්ට්‍රිමින් විදිහට අහන්න පුළුවන්.

එතකොට ‘Spotify PREMIUM’ කියන්නෙ මොකක්ද ?

ඇත්තම කිව්වොත් Spotify Premium කියන්නෙ ඔයාලට ලැබෙන Free Trial එක ඉවර වුනාම ඔයාලා ගෙවලා ගන්න Spotify Package එකට. Premium Version එකෙයි අර දවස් 7ක් අහන්න දෙන FREE Trial එකෙයි පොඩි වෙනස්කම් කිහිපයක් තියෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් Free Trial එකේ අපි කැමති Stream එකකින් සින්දු අහන්න බෑ. එයාලා දෙන කොලිටි එකෙන්ම(128kbps) තමයි අහන්න වෙන්නෙ.

මේ තියෙන්නෙ Spotify එකෙන් නිල වශයෙන් ප්‍රකාශ කරල තියෙන streaming qualities.

Source: Spotify

Spotify Premium Version එක FREE ගන්න විදියක් නැතිද?

ඒක කරන්න බැරි දෙයක්. Trial Apps Crack කරලා වෙනම ඩුප්ලිකේට් ඇප් එකක්( Ex : YouTube++ , What’s App++ ) විදියට නිපදවන්න ගොඩක් අමාරුයි & එහෙම වෙනවත් ලෝකෙ ගොඩක් අඩුයි.

එතකොට ඔය YouTube එකෙයි, Blogs වලයි තියෙන Spotify PREMIUM FREE කියන කතා බොරුද ?

ඔව් ඇත්තෙන්ම! ඒ හැම විඩීයෝ එකකම / ලිපියකම පාහේ තියෙන්නෙ 3rd Party Stores වලින් ඩවුන්ලෝඩ් කරන Spotify++ මෙතඩ් එක. ඒක කිසිම තේරුමක් නැති වැඩක් දවස් 7ක් විතරයි එහෙම OFFLINE අහන්න පුලුවන්! ඉතින් එහෙම බැලුවම ඔයාලට වුනත් තේරුම් ගන්න පුලුවන් එයාලගෙ Video එක මාර්කට් කරගන්න එයාල යොදන ෆේක් ටොපික් එකක් කියලා.

එතකොට ලංකාවටත් Spotify නැතිනම්, Free Trial එකත් දවස් 7යි නම් කොහොමද එහෙනම් ඔය ලංකාවෙ සමහර අය Spotify Use කරන්නෙ ?

හොඳ ප්‍රශ්නයක්! ඔය ප්‍රශ්නෙට මමත් වගේම ශ්‍රී ලංකාවේ දැනට Spotify වලින් සින්දු අහන හැමෝම වගේ අදාලයි. ඔය දේ අපේ රට ඇතුලෙ වෙන්නෙ ක්‍රම දෙකකට.

පලවෙනි එක තමයි Spotify අපේ රටට නැති නිසා PREMIUM Version එකත් අපිට ශ්‍රී ලංකාවේ Card වලින් Pay කරන්න බෑ. ඒක නිසා එයාල Spotify වලංගු රටක ඉන්න නෑදෑයෙක්ගෙ මාර්ගයෙන් හෝ මිතුරෙකුගේ මාර්ගයෙන් ඔහුගේ Bank Details හරහා Spotify මිලදී ගන්නවා. සහ ඔවුන් සමඟ හවුලේ(Family Sharing Pack) Spotify Use කරනවා.

දෙවනි ක්‍රමය නම්, මෑතකාලයේ Spotify Premium Accounts Hack වෙන්න පටන් අරන් තියෙනවා.ඒ වගේම පිටරට වල ඇතැම් පිරිස් තවත් කෙනෙක්ගෙ Spotify Premium Accounts Hack කර Email & Passwords Sale කරනවා. ඉතින් ඔය ක්‍රම දෙකින් එකක් යටතේ තමයි ශ්‍රී ලංකාවේ කෙනෙක් Lifetime Spotify Premium Music අත්විඳින්නේ.

එතකොට අවුරුද්දකට රු. 1,500ක් වගේ ගෙවලා කොහොමද Spotify ගත්තේ?

මේ කිව්ව ක්‍රම දෙකට අමතරව බොහොමයක් පිරිස් විසින් වසරකට සුළු මුදලක් ගෙවලා තමන්ගේම නමට සෑදූ Spotify Premium accounts ලබා ගැනීම සිදු කලා. මෙහිදී සිදුවුනේද කිසියම් මාර්ගයකින් නිර්මාණය කෙරුණු Spotify Family accounts වලට පෞද්ගලික ගිණුම් එකතු කිරීමයි. Spotify ආයතනය විසින් තම අලෙවිකරණ ප්‍රයෝගයක් ලෙස ඇතැම් රටවලට ඇතැම් කාලයන්ට නව ගිණුම් නිර්මාණය කරන්නන්ට මාස කීහිපයක් යනතුරු කිසිඳු අය කිරීමකින් තොරව Spotify Premium භාවිතා කිරීමේ අවස්ථාව ලබා දෙනවා.

නමුත් Spotify Premium activate කරන්නට debit card එකක් හෝ credit card එකක් add කිරීම අත්‍යවශය වනවා. ඒ සඳහා ඔවුන් භාවිතා කරන්නේ Virtual Credit Card (VCC) වන අතර අදාල කාලය ගෙවී ගිය පසු VCC එකෙන් ගෙවීම සිදු නොවන නිසා Premium privilege ඉවත්වීම යාම සිදුවනවා.

මෑතකදී Spotify වල සිදු වුණු security update එකක් හේතුවෙන් VCC හරහා Spotify Premium activate කිරීම සිදු කිරීමට නොහැකි වීමත් සමඟ එම ව්‍යාපාරය අඩපණ වූ බැවින් ලංකාවේ බොහොමයක් පිරිස් වලට තම Spotify Premium privilege අහී වීම සිදුවුනා.

ඉතින් මම හිතනවා Spotify කියන්නෙ මොකක්ද කියල ඔයාල හැමෝටම අයිඩියා එකක් එන්න ඇති එකක් කියලා.

සියල්ලටම විසඳුම් රැගෙන Spotify නුදුරේදීම ශ්‍රී ලංකාවට

මෑතක සිට කට කතා මාර්ගයෙන් පැතිරුණු තොරතුරු වලට අනුව ශ්‍රී ලංකාවට Spotify නිලවශයෙන් ලබා දෙන බව ආරංචි වු අතර නිල නොලත් ආරංචි මාර්ග හරහා අපට අසන්නට ලැබුනේ ශ්‍රී ලංකාවේ දුරකතන සේවා සපයන ආයතනයක් මේ සඳහා ඍජුව මැදිහත් වී ඇති බවයි.

අද දින Spotify Sri Lanka නමින් Verified Facebook Page එකක් නිර්මාණය වී ඇති අතර, ශ්‍රී ලංකාවට නිල වශයෙන් Spotify සම්ප්‍රාප්ත වීම සනාථ කෙරුනි.

Spotify Sri Lanka Verified Facebook Page

බොහෝ දුරට මෙම වසරා දෙසැම්බර් මාසය සහ ලබන වසරේ මාර්තු මාසය අතර තුරදී ශ්‍රී ලංකාවේදී නිල වශයෙන් Spotify සේවාව launch කෙරෙනු ඇත.


Update

මීට සුළු මොහොතකට පෙර Verified Instagram ගිණුම පිළිබඳවද අපට වාර්තා විය

Spotify Sri Lanka Verified Instagram Page