Loading...
තම සියලුම පරිශීලකයන් හට Spotify හි Lyrics පහසුකම ලබාදීමට කටයුතු කරයි

Spotify දැන් එහි සියලුම පරිශීලකයින් වෙත එහි ගීත වල ගී පද බැලීමේ පහසුකම ලබා දී තිබෙනවා, මෙය සියලුම Free Users ලා හටත් ලැබෙනවා. Spotify සමාගමත් සමඟ හවුල්ව ඇති Musixmatch සමාගම විසින් මිලියන 8කටත් වඩා ගීත සඳහා Lyrics සපයනු ලබනවා.

එසේම එහි ඇති බොහොමයක් lyrics, time-sync වී ඇති ඒවායි. එනම් ගීතයේ එම මොහොතට අදාළ පද කිහිපය පමණක් ඉස්මතු කර පෙන්වීමේ හැකියාව ඒවාට තිබෙනවා.  

මේ පහසුකම ඔබට මේ ආකාරයට Spotify Mobile App එකෙන්, Desktop App එකෙන් සහ TV App එකෙහි නවතම Versions සමඟ අත්විඳිය හැකි වනවා.

Spotify mobile app

  • Play වන සින්දුවේ Now Playing View වෙත යන්න.
  • එහි පහළින් Swipe Up කරන්න.
  • දැන් ඔබට Lyrics බලාගත හැකියි

Spotify desktop app

  • මෙහිදී ඔබට Now Playing Bar එකෙහි Microphone Icon එක මත Click කිරීමෙන් Lyrics බලාගත හැක

SpotifyTV app

  • Play වන සින්දුවේ Now Playing View වෙත යන්න.
  • දකුණු කෙළවරේ ඇති Lyrics Button එකමත Click කර එය Enable කරගන්න.
  • මෙය එකවරක් Enable කරගත පසු ඔබට Now Playing View එක වෙත ගිය විට ම Lyrics බලාගත හැකි වනවා.

කෙසේ වෙතත් ශ්‍රාවකයාගේ රසය වැඩි වන පරිදි පෙරදී Spotify හි ඇතුළත් කර තිබූ Behind the Lyrics විශේෂාංගය මේ වන විට ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Musixmatch සමාගමේ මෙම සේවය මහජනයා මගින් සපයන ලද ගී පද භාවිතයෙන් ගොඩ නැගුණු සේවයක් නිසා යම් කිසි ගීතයකට lyrics නැතිනම් Musixmatch App එක හරහා ඔබටම එම lyrics ඇතුලත් කිරීමේ හැකියාවත් තිබෙනවා.

Source - Spotify News Room, GSM Arena